Wednesday, August 8, 2012

Photoshop

හැඳින්වීම

Adobe Photoshop යනු ජායාරූප සංස්කරණය සහ රූපමය වෙළඳ දැන්වීම් නිර්මාණය සඳහා වැඩියෙන්ම භාවිතා කරන මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය නිවැරදි ලෙස භාවිතා කිරීමට ඉගෙන ගැනීමෙන් ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් ජායාරූප සංස්කරණයක් හෝ තමාගේම graphic නිර්මාණයක් සිදු කළ හැක. Photoshop ඉගෙන ගැනීම සඳහා වන ආරම්භක පාඩම ලෙස පලමුවෙන්ම එහි අතුරු මුහුණත (User Interface) දෙස අවධානය යොමු කරමු.

1. මෙනු බාරය (Menu Bar)
භාවිතයේදී බොහෝ උපකාර වන මෙනු විස්තර මෙනු බාරයේ අඩංගු වේ. නව කැන්වසයක් සාදා ගැනීම, පින්තූරයක් විවෘත ගැනීමේ සිට අවශ්‍ය අවසාන ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා පින්තූර වලට විවිධ වෙනස්කම් කිරීමේ පහසුකම් මෙම මෙනු බාරය මගින් ලබා ගත හැක.
2. ටූල් පැලටය (Tool Palette)
ජායාරූපයක් සංස්කරණයේදී ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන tools අඩංගු පැලටයයි. ජායාරූපයක කොටසක් කරගැනීම, වර්ණ යෙදීම, අනවශ්‍ය කොටස් මකා දැමීම වැනි දේ සඳහා මෙහි විවිධ tools භාවිතා කළ හැක. ඇතැම් tools වල කෙලවරෙහි ඊ තුඩක් දක්නට ලැබෙන අතර ඒ මත click කරගෙන ඒ තුල සැගවී ඇති tools දැකගත හැක. tools පැලටය පිළිබඳව වැඩිදුර මීළග පාඩමෙන් සාකච්චා කරමු.
3. ඔප්‍ෂන් බාරය (Option Bar)
Tool එකක් භාවිතා කිරීමේදී එහි සැකසුම් අඩංගු කොටසයි. එකම tool එකකින් වුවද විවිධ සැකසුම් යටතේ භාවිතා කිරීමෙන් සම්පූර්ණයෙන් වෙනස් නිමවුම් ලබා ගත හැක. tools පැලටය මගින් tool එකක් තෝරා ගැනීමේදී ඔප්‍ෂන් බාරයද ඊට අදාල ලෙස ක්‍ෂනිකව වෙනස් වේ.
4. ටයිට්ල් බාරය (Title Bar)
සෑම කැන්වසයකටම Title එකක් හිමි අතර මෙහි එම කැන්වසයන්හි නම්, වර්ණ සැකසුම (colour mode) ආදී විස්තර පෙන්වයි. කැන්වස් අතර මාරු වීම, අනවශ්‍ය කැන්වස් වසා දැමීම මේ මගින් කළ හැක.
5. වින්ඩෝව් පැලටය (Window Palette)
විවිධ ප්‍රයෝජන ලබා ගත හැකි පැලට ගණනාවක්ම මෙහි අඩංගු වේ. photoshop තිරයේ වැඩ කිරීමට ඉඩ ලබා ගැනීම සඳහා අනවශ්‍ය පැලට හකුලා දමමින් අවශ්‍ය පැලට පමණක් දිග හැර ගැනීම එහි කුඩා අයිකන මගින් සිදු කල හැක.
6. කැන්වසය (Canvas)
කිසියම් පින්තූරයක් විවෘත කල විට නව කැන්වසයක් විවෘත වේ. කිසියම් නිර්මාණයක් සිදු කරන විට සියල්ල සිදු කළ යුත්තේ කැන්වසයක් තුලය. කැන්වසය මගින් පෙන්වන්නේ පින්තූරයක සත්‍ය ප්‍රමාණය නොවන බව මතක තබා ගත යුතුය. කුඩා පින්තූර එලෙස පෙන්විය හැකි වුවත් ප්‍රමානයෙන් විශාල පින්තූර සාපේක්‍ෂව කුඩා කර පෙන්වයි.

Photoshop

Tool Palette

lesson 2
Move tool
ජායාරූපයක තේරූ කොටසක්, අලුතෙන් එක් කල කොටසක්, Text එකක් වැනි දෙයක් move කිරීම සඳහා මෙම ටූලය භාවිතා කල හැක. එවැනි දෙයක් මත click කර drag කිරීමෙන් අවශ්‍ය තැනකට move කරගත හැක.
Marquee selection tools
Selection එකක් යනු පින්තූරයක් මත කරන විශේෂ තේරීමකි. පින්තූරයක කොටසක් select කරගැනීම සඳහා selection ටූලය පින්තූරය මත click කරගෙන drag කල යුතුය. selection එකක් ඇති විට ඔබ කරන වර්ණ වෙනස් කිරීමක්, පාට ගෑමක්, ෆිල්ටර් එකක් යෙදීමක් වැනි ඕනෑම වෙනස් කමක් සිදුවන්නේ select කර ඇති කොටසට පමණි. Marquee selection ටූලය මගින් චතුරස්‍රාකාර, වෘත්තාකාර, හරස් හෝ උස අතට තීරුවක් ලෙස අවශ්‍ය selection එකක් කරගත හැක.
Lasso tool
මෙයද selection tool එකකි. වෙනස වන්නේ මේ මගින් අපට අවශ්‍ය හැඩයකට selection එක කරගැනීමට හැකියාව ලබා දීමයි.
lasso ටූලය භාවිතා කරන්නේ නම් select කරගැනීම සඳහා පින්තූරය මත එක් තැනක සිට අවශ්‍ය කොටස වටා click කර drag කරගෙන ගොස් නැවත කිරීම පටන් ගත් ස්ථානයට පැමිණ අත හැරිය යුතුය.
polygonal lasso ටූලය මගින් ලැබෙන්නේ බහු කෝණී හැඩයකි. click කරන වාරයක් පාසාම කෝණාකාර සම්බන්දයකින් යුත් සරල රේඛීය ඉරි රූපයක් ලැබෙයි. click කිරීම අවසන් කිරීම සඳහා පටන්ගත් තැනට නැවත click කල යුතුය.
Magnetic lasso ටූලය නම් selection එකක් කිරීම සඳහා ඉතාමත් පහසු ටූලයකි. පින්තූරයක කොටස් රේඛා ලෙස හඳුනාගෙන කිරීමේදී එම රේඛා වලට අනුව selection එක කරගැනීමට මේ මගින් සලස්වයි.
උදාහරණයක් ලෙස යම් වස්තුවක් select කිරීමට අවශ්‍ය වූ විට මෙම ටූලය එම වස්තුව වටා click කරමින් රැගෙන යාමෙන් පහසුවෙන් select කිරීම කරගත හැක.
Quick selection/ Magic wand
මේ දෙකද ඉතා පහසුවෙන් එකක් කරගැනීම සඳහා යොදාගත හැකි දෙකකි. quick selection ටූලය නම් photoshop cs3 සංස්කරණයෙන් පසු හඳුන්වා දුන් ටූලයකි.
magic wand ටූලය මගින් සිදු කෙරෙන්නේ පින්තූරයක එකම වර්ණ පරාසයකින් යුතු කොටස් හඳුනාගෙන ඒවා select කර දීමයි. ඊට වඩා දියුණු ටූලයක් ලෙස quick selection ටූලය මගින් පින්තූරයක විවිධ කොටස් හඳුනාගෙන ඒවා select කර දීම සිදු කරයි.
Crop tool
මේ මගින් පින්තූරයක අවශ්‍ය චතුරස්‍රාකාර කොටසක් ඉතිරි වන සේ අනිත් කොටස් ඉවත් කර දැමීම කළ හැක. මෙහිදී තෝරාගත් කොටසට අනුරූපව කැන්වසයේ ප්‍රමාණයද වෙනස් වේ.
Healing brush / patch tool / red eye tool
මෙම ටූලයන් ප්‍රධාන වශයෙන් ජායාරූප සංස්කරණයේදී යොදා ගැනේ. විශේෂයෙන් පලුදු ලක්‍ෂණ ඇති පැරණි ජායාරූප සංස්කරණය සඳහා Healing brush / patch ටූල යොදාගන්නා අතර රාත්‍රී ජායාරූප වල බොහෝවිට දක්නට ලැබෙන red eye ඉවත් කිරීම සඳහා red eye ටූලය භාවිතා කල හැක.
Brush / pencil / colour replacement tools
නම් වල අරුතෙන්ම මෙම ටූල මගින් ඇඳීම හා පාට කිරීම කල හැකි බව අවබෝධ වේ. colour replacement ටූලය මගින් රූපයක කොටසක ඇති පාට වෙනුවට වෙනත් පාටක් යෙදිය හැක. උදාහරණයක් ලෙස යමෙකු ඇඳගෙන සිටිනා ඇඳුමක පාට වෙනස් කිරීම වැනි.
Clone stamp / pattern stamp
clone stamp ටූලය මගින් පින්තූරයක කොටසක් ඒ ආකාරයෙන්ම එම පින්තූරයේ තවත් තැනකට පිටපත් කල හැක. උදාහරණයක් ලෙස මිනිස් රූපයක ඇසක් මත alt සමග click කර නළල මත click කිරීමෙන් නළලෙහි ඇසක් ඇති ලෙස පෙන්විය හැක.
pattern stamp ටූලය මගින් කලින් සකසා ඇති රටා වර්ග පින්තූරයක් මතට යෙදිය හැක.
History brush/ Art history brush
History brush ටූලය මගින් පින්තූරයක් මත කළ සංස්කරණය කිරීම් මකා දැමිය හැකි අතර, Art history brush ටූලය මගින් රටාවකට අනුව එම මකා දැමීම සිදු කළ හැක.
Eraser / Magic eraser tool
Eraser ටූලය මගින් පින්තූරයද මැකෙන සේ මකා දැමීම සිදු කළ හැක. Magic eraser ටූලය මගින් Magic wand ටූලය මෙන් එකම වර්ණ පරාසයකින් යුත් ප්‍රදේශයක් තෝරා මකා දැමිය හැක.
Paint bucket / Gradient
Paint bucket ටූලය මගින් යම් කොටසකට වර්ණ පිරවීම කළ හැක. Gradient ටූලය මගින් එක් වර්ණයක සිට තවත් වර්ණයකට ඇදී යන සේ හෝ වර්ණ කීපයකට යන සේ රටා නිර්මාණය කළ හැක.
Blur / Sharpen / Smudge
බොඳ කිරීම, තියුණු කිරීම හා රූපයක් මත ඇගිල්ලකින් අදින්නාක් මෙන් සිදු කිරීම මෙම ටූල මගින් කළ හැක.
Dodge / Burn / Spong
පින්තූරයක කොටසක වර්ණ වැඩි කිරීම, අඩු කිරීම හා වර්ණ පිලිස්සී ඇති ලෙස කිරීම මෙම ටූල මගින් සිදු කළ හැක
Pen path tool
විවිධ හැඩ තල ඇඳීම මෙම ටූලය මගින් කළ හැක.
Type tool
පින්තූරයක් මතට වචන එක් කිරීම කළ හැක.
Shape tools
කලින් සකසා ඇති හැඩතල ඇඳීම මේ මගින් කළ හැක.
Eyedropper tool
පින්තූරයක යම් ස්ථානයක ඇති වර්ණයක සාම්පලයක් ගැනීම මේ මගින් සිදු කළ හැක.
Hand tool / Zoom tool
පින්තූරය විශාල කර බැලීම හා විශාල කළ පසු නොපෙනෙන තැන් දැක ගැනීම සඳහා පින්තූරයේ පෙනෙන කොටස එහා මෙහා කිරීම මේ මගින් සිදු කළ හැක.
Foreground colour
භාවිතයේ තිබෙන ප්‍රධාන වර්ණයි. ටූලයෙන් ඇඳීම වැනි ක්‍රියා වලදී භාවිතා වන වර්ණය මේ මගින් වෙනස් කල හැක.

Photoshop

Move Tool භාවිතා කිරීම

im2 move - Copy
මෙය භාවිතා වන ප්‍රධාන අවස්ථා කීපයකි
❃ object එකක් select කර ගැනීම
❃ එසේ තෝරා ගත් රූපයක් එහා මෙහා ගෙන යාම
❃ රූපයක් කැන්වසය මතට ගෙන්වා ගැනීම
❃ රූපයක පිටපතක්(copy) ලබා ගැනීම ❖ඕනෑම tool එකක සිට move tool එක භාවිතා කිරීමට ctrl යතුර භාවිතා කළ හැක.
❖රූපයක පිටපතක් ලබා ගැනීම සලකන විට එය සිදුකරන්නේ කිසියම ලේයරයක සිට යතුරු පුවරුවේ alt යතුර සමඟ drag කල විට එහි පිටපතක් නව ලේයරයක් වශයෙන් ලැබේ.

Move Tool Options


1◈ මෙහි දැක්වෙන move tool හි සළකුණ right click කළ විට reset tool හා reset all tools යනුවෙන් මෙනුවක් ලැබේ. photoshop මෘදුකාංගය වරක් භාවිතා කර නැවතත් අළුත් ගොනුවක් ලෙසින් විවෘත කළද කලින් භාවිතයේදි මෙහි ඇති tools වලට කරන ලද වෙනස් කම් ඒ ආකාරයෙන්ම පවතී. එබැවින් අළුතින් භාවිතා කරන විට එම tools තිබුනු තත්වයටම පත් කර ගැනීමට මෙම පහසුකම සළසා දී ඇත. මෙහි ඇති reset tool මගින් දැනට භාවිතා කරන tool එක පමණක්ද reset all tools මගින් සියළුම tools ද එහි මුල් තත්වයට පත් කර ගත හැක. photoshop භාවිතා කරන්නෙක් හැටියට නිර්මාණයක් ආරම්භයට ප්‍රථමයෙන් මේ ආකාරයට tool reset කර ගැනීම වඩා උචිත වේ.
2◈ අප සඳහන් කළ පරිදි මෙම move tool එක selecting සහ moving යන ක්‍රියාවලි 2ටම භාවිතා වේ. එබැවින් සාමාන්‍යය භාවිතයේදී යමක් select කිරීමට ctrl යතුර සමග අවශ්‍යය ලේයරය click කළ යුතුය. නමුත් අපට කෙලින්ම select කිරීම කල යුතුනම් මෙම Auto-Select යන්න active කළ යුතුයි.
3◈ මෙම drop down මෙනුවේ අංග 2ක් සහිත වේ. Group හා Layer යනු එම කොටස් 2යි. අපි නිර්මාණයක් කිරිමේදී විවිධ layers භාවිතා කිරීමට සිදුවේ. එම layers අපට group වශයෙන් තබා ගත හැක. අප කැන්වසය මත ඇති කිසියම් දෙයක් select කිරීමේදී තෝරා ගත යුත්තේ එය group එකක ඇත්නම් එම group එකද නැතිනම් ලේයරය පමණක්ද යන්න මෙමගින් වෙනස් කළ හැක.
4◈ මෙමගින් සිදු කරන්නේ අපි විසින් තෝරා ගන්නා object එකක් වටේ ඇති bounding box එක පෙන්වීම හෝ නැති කිරීම පාලනය කිරීමයි. සාමාන්‍යය භාවිතයේදී අපට select -> free transform (ctrl + T) භාවිතා කර මෙම transform controls ලබා ගත යුතු වේ.
5 - 10 දක්වා පෙන්නුම් කර ඇති විකල්ප භාවිතා කිරීමට ඔබට අවම වශයෙන් layers 2ක් වත් තිබිය යුතුය. ඒවායින් කිසියම් ලේයර කීපයක් පෙළගැස්වීම සඳහා භාවිතා කරනු ලබයි. (aligning)දැන් මේවා භාවිතා කරන ආකාරය බලමු.
මුලින්ම අළුත් පිටුවක් ලබා ගන්න.
t2 2
දැන් අලුත් layer එකක් ලබා ගන්න
im3
මීලඟට අපට භාවිතා කිරීමට රූපයක් නිර්මාණය කර ගත යුතුයි.මේ සඳහා tool box එකෙහි ඇති rectangular tool එක භාවිතා කරමු.එම tool එක තෝරාගෙන එහි options වල රූපයේ පෙන්වා ඇති විකල්පය තෝරා ගන්න.
im4
im5
දැන් අප අළුතින් ලබා ගත් ලේයරය තෝරගෙන කැන්වසය මත සෘජූකෝණාස්‍රයක් නිර්මාණය කරන්න. ඒ ආකාරයටම තවත් ලේයරයක් ලබාගෙන පෙර නිර්මාණය කළ සෘජුකෝණාස්‍රයට වඩා විශාලත්වයෙන් වෙනස් සෘජුකෝණාස්‍රයක් නිර්මාණය කරන්න.
im6
දැන් මෙම ලේයර දෙකම තෝරා ගත යුතුයි. ඒ සඳහා එක් ලේයරයක් තෝරාගෙන ctrl යතුර සමග අනිත් ලේයරයේ නම මත click කරන්න.
ඉන්පසු අපි විසින් තෝරා ගන්නා ලද ලේයර දෙකට 5-10 දක්වා පෙන්වා දී ඇති වෙනස් කම් කර බලන්න.
5◈ලේයර දෙකෙහි ඉහල දාරයන් එකම තිරස් මට්ටමට ගෙන එනු ලබයි
6◈ලේයර වල මධ්‍යය ලක්ෂයන් සමාන තිරස් මට්ටමක් කරා ගෙන එයි.
7◈ලේයරන්හි පහත මට්ටම් එකම තිරස් තලයකට ගෙන එනු ලබයි.
8◈මෙමඟින් ලේයර වල වම් අක්ශය එකම සිරස් මට්ටමක පිහිටුවයි.
9◈මෙහිදී ලේයර වල මධ්‍යය ලක්ෂයන් එකම සිරස් තලයකට ගෙන එයි.
10◈ලේයර වල දකුණු අක්ශය සිරස්ව එකම මට්ටමකට ගෙන එයි.
11-13◈ මෙම option මඟින්ද ඉහත සඳහන් කළ ආකාරයේම ක්‍රියාවක් සිදු කරනු ලබනවා. ඒවා භාවිතා කිරීමට object 2කට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍යය වන අතර පෙරදී සඳහන් කළ ආකාරයට තවත් රූපයක් මේ සඳහා නිර්මාණය කර ගන්න. දැන් එම රූප 3නම select කර 11-16 දක්වා පෙන්වා කර ඇති වෙනස් කම් කර බලන්න. පහත පරිදි වෙනස් වීම් ඔබට දැක බලා ගත හැක.
11◈ මෙමඟින් එම රූපවල ඉහළ අක්ශයන් අතර පරතරය සමාන කරගනු ලබයි. එය සිදු කරනු ලබන්නේ ඉහළම හා පහළම රූපයන්ගේ පරතරයට අනුරූපව ඒවා අතර පවතින් රූප සමබර කර ගැනීමකි. මෙයට සමාන ක්‍රීයවන් අනෙකුත් විකල්ප මඟින් සිදු කරයි.
12◈ රූපය්න්ගේ මධ්‍ය ලක්ෂයන්ගේ පරතරයන් සමාන කිරීම මේ තුලින් සිදුකරයි.
13◈ ඒ ආකාරයටම පහළ අක්ශයන්ගේ පරතරයන් සමාන කිරීම මෙහි අරමුණයි.
11,12,13 යන විකල්පයන්ගෙන් රූප වල තිරස් පරතරයන් පාලනය කෙරුනු අතර ඉතිරි option භාවිතා කර එහි සිරස් පරතරයන් පාලනය කරයි.
14◈ රූපයන්ගේ වම් පස අක්ෂයන්ගේ පරතරය සමාන කරයි.
15◈ රූප වල මධ්‍ය ලක්ෂ සමබර කරයි.
16◈ මෙයින් දකුණු පස අක්ෂ පිළියෙල කරයි.

Python පයිතන්



අද පටන් මම මෙම පාඩම් මාලාව Ubuntu මෙහෙයුම් පද්ධතිය පදනම් කරගෙන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් windows භාවිතා කරන ඔබ හටත් එම කරුණුම වැඩි වෙනසක් නැතිව භාවිතා කල හැකි බවත් කිව යුතුයි. 
ඕනෑම වැඩසටහන් කරුවෙකුගේ මුල්ම වැඩසටහන වනුයේ සරල Hello world වැඩසටහනක්. එබැවින් මමත් ඔබහට මුලින්ම එවැනි වැඩසටහනක් ලියා run කරන්නේ කොහොමද කියා පැහැදිලි කරන්නම්.
Script Mode Programming:
මෙහිදී python interpreter වෙත ඔබ script parameter එකක් ලබා දුන් විට, එම script එකෙහි ආරම්භයේ සිට අවසානය දක්වා interpreter එක සම්බන්ධ වන අතර, script එකෙහි අවසානයත් සමග interpreter හි සක්‍රිය බවත් නැතිව යයි. මෙහෙම කීවට තේරුනේ නැති උනත් අද පාඩම අවසානයේ මෙහි අරුත ඔබටම වටහාගත හැකි වේවි.
සියල්ලටම කලින් අපි සරල වැඩසටහනක්, එහෙමත් නැත්නම් සරල script එකක් ලියන විදිය බලමු. ප්‍රථමයෙන් gedit හෝ එවැනි සරල text editor එකක් ගෙන පහත දැක්වෙන line කීපය ලියා, එය .py යන extension එක සහිතව save කර ගන්න.
hello_python
මෙහිදී මම ඔබේ python interpreter එක /user/bin කියන folder එක තුල තිබෙන බව අනුමාන කලා. දැන් save කරගත් .py file එක run කිරීමට පහත command එක enter කරන්න. නමුත් ඒ සියල්ලටම කලින් ඔබ එම file එක ඇති folder එක තුලට terminal එක හෝ command prompt එක හරහා ගොස් තිබිය යුතුයි. මම මෙම script එක test.py යන නමින් save කරගෙන තියෙනවා.
run_hello
එවිට ඔබට පහත ආකාරයේ output එකක දැක ගත හැකි වේවි.
output
මෙහි chmod යනුවෙන් ඇති command එක python command එකක් නොවන බව Linux භාවිතා කර පලපුරුදු ඔබ හටනම් පැහැදිලි කිරීමට අවශ්‍ය නැත. නමුත් Linux භාවිතා නොකරන හෝ ඊට ආධුනික ඔබ ඒ පිළිබඳව ලතැවීමට අවශ්‍ය නැත. Windows භාවිත කරන ඔබ එම line එක හැර දෙවන line එක පමණක් enter කරන්න.
Interactive Mode Programming:
මෙහිදී parameter එකක් ලෙස script file එකක් ලබා නොදී python interpreter එක භාවිතා කිරීම සලකා බැලේ. මේ සදහා terminal එක හෝ command prompt එකමත python යනුවෙන් type කර enter කරන්න. එවිට පහත ආකාරයේ වාක්‍ය කිපය සමග >>> යන symbol එක ලැබී තිබෙනු දක්නට ලැබෙනු ඇත.
python
දැන් print "Hello Python!" යනුවෙන් type කර enter කරන්න. එවිට පෙර මෙන්ම පහත ආකාරයේ result එකක් ලැබෙනු ඇත.
hello
මෙහිදී ඔබ python හි වඩා නව version එකක් භාවිතා කරනවා නම්, print යන statement එක සමග වරහන් ද භාවිතා කිරීමට සිදු වනු ඇත. එනම් මෙහිදී print ("Hello Python") ලෙස වෙනස් විය යුතුය.
දැන් ඔබට script mode එක මෙන්ම interactive mode එක භාවිතා කරන අකාරය පිළිබඳව සරල අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමි. නමුත් ඉදිරියේදී වඩ වඩාත් සංකීර්ණ වැඩසටහන් ලියනනට ඔබට සිදුවන බවත් OOP concepts භාවිතා කිරිමට සිදුවන බවත් සිහියේ තබා ගන්න. දැන් අපි ඉදිරි පාඩම් මාලාවන් සදහා වැදගත් වන python හි තිබෙනා මූලික syntax කිපයක් වෙත අවධානය යොමු කරමු.
Python Identifiers:
Python හි variable, function, class, module හෝ වෙනත් objects හැදින්වීම සදහා භාවිතා කරන නමට පොදුවේ identifiers යනුවෙන් කියනු ලබයි. ඔබේ මනාපය පරිදි කැමති නමක් ‍තෝරා ගැනීමට හැකියව ඇතත්, ඒ සදහා ඔබ සරල නීති රීති කීපයකට එකග විය යුතුය.
මෙවැනි නමක් ඉංග්‍රිසි හෝඩියේ ඇති ඕනෑම අකුරකින් පටන් ගත හැකි අතර ඉලක්කමක් භවිතා කල හැක්කේ identifier ඒකක පලමු අකුරට පසුව පමණි.
නමුත් @, $ සහ % වැනි අකුරු python හි identifier එකක් සදහා භාවිතා කල නොහැකි බවත් සිහියේ තබා ගත යුතුය. Python යනු case sensitive programming language එකක් බැවින් Sadun යන නමත් sadun යන නමත් saDun යන නමත් එකිනෙකට වෙනස්ව python විසින් හදුනා ගනී. ඒ වගේම python හි ඊටම වෙන්වුනු වචන කීපයක් ඇති අතර, එවැනි වචනයක් python හි identifier එකක් ලෙස භාවිතා කල නොහැකි බවත් මතක තබා ගත යුතුය. මෙවැනි පද key words හෝ reserved word ලෙස හදුන්වනු ලබන අතර ඒ පිළිබඳව ඊලඟට සලකා බලමු. ඊට පෙර python identifier සදහා සම්මුතියක් ලෙස භාවිතා වන රීති කීපයක් හදුනා ගනිමු.
  • Identifier එකක් ඉංග්‍රිසි capital අකුරකින් අරම්භ කර අනෙකුත් අකුරු simple අකුරු ලෙස තැබිය යුතුය.
  • Private identifiers සදහා underscore එකකින් ආරම්භය ගත යුතුය.
  • Strongly private identifiers සදහා underscore දෙකකින් ආරම්භය ගත යුතුය.
එමෙන්ම identifier එකක මුලට මෙන්ම අවසානයටද underscore දෙකක් යොදනවා නම් එහි තේරුම වනුයේ එම identifier එක විශේෂ identifier එකක් බවයි. ඉස්සරහදී කරන උදාහරණ වලදී මේ පිළිබඳව වඩා හොදින් අවබෝධ වනු ඇත.
Reserved Words:
පහත දැක්වෙනුයේ python හි ඇති ඊටම වෙන්වුනු වචන කීපයකි. මේවා key word, එහෙමත් නැත්නම් reserved word, ලෙස හදුන්වනු ලබයි. මෙවැනි key words වල අන්තර්ගත වනුයේ ඉංග්‍රිසි හෝඩියේ simple අකුරු පමණි.
keywords
Comments in Python:
Python හි comments භාවිතා කිරීම සදහා # ලකුණ යොදාගනු ලබයි. මෙහිදී # ලකුණ යෙදීමෙන් පසුව නැවත new line එකක් එනතුරු පවතින සියලු දෑ python interpreter විසින් නොසලකා හරිනු ලබයි. එය වඩා ඔබේ හිතට කාවැදීම සදහා පහත උදාහරණය ඔබ විසින්ම සිදුකර ලැබෙන output එක පරික්ෂා කර බලන්න.
comments
Lines and Indentation:
මෙතන නම් ටිකක් හොදින් තේරුම් ගත යුතු තැනක්. මෙතෙක් අපි කථා කළ දේ වලට වඩා ටිකක් වෙනස් හා අමාරු වෙතැයි කියා සිතෙන තැනක්. එබැවින් අපි එම කොටස සවිස්තරව ඉගනගනිමු.
Python ඉගෙනගැනීමෙදී ඔබට හමුවෙන විශේෂම තැනකි මේ. එනම් python හි සඟල වරහන භාවිතා නොකිරීමයි. ඔබ මීට පෙර C, C++ හෝ java වැනි වෙනත් programming language එකක් භාවිතා කර ඇත්නම්, සඟල වරහනක් නොමතිව class, function, flow of control වැනි දේ වෙන් කරනුයේ කොහොමදැයි කියා සිතනු ඇත. නමුත් python හි ඊට වඩා සිත් ඇද ගන්නා සුළු ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙහිදී space තැබීමේ ක්‍රමයක් මගින් පෙර සදහන් කල ආකාරයේ block වෙන් කරනු ලබයි. පෙර මෙන් අපි මෙහිදීද, උදාහරණයක් මගින් මෙම කරුණු වඩාත් හොදින් තේරුම් ගැනීමට බලමු.
indent
මෙහි පලමු print, statement දෙක if block එකට අයිති වන අතර තෙවන statement එක else block එකට අයිති වේ. මෙහිදි එකම block එකට අයිති දේ මුල සිට එකම space ගණනකින් පවතින බව ඔබට පෙනෙනු ඇත. නමුත් මෙහි print "False" යන statement එක එලෙස සමාන space ගණනකින් සමන්විත නැත. එබැවින් එය කිසිම block එකක නොපවතින බවත් ඔබට වැටහෙනු ඇත. මෙය run කිරීමට යාමේදී එම ස්ථානයේ error එකක් ඇති බව පෙන්වමින් පණිවිඩයක් ලැබෙනු ඇත. මෙහි if හා else පද පිළිබඳව පසුව විස්තර කරන බැවින් එම පද දෙක පිළිබඳව දැන්මම කරදර නොවන්න. තව තවත් ඉදිරියට යන විට මේ පිළිබඳව හොඳින් අවබෝධ කරගත හැකි වනු ඇත.
Quotation in Python:
පටන් ගත් වර්ගයෙන්ම අවසන් කරනවානම් ඔබට ඕනෑම වර්ගයක කොමාවන් (quotes) භාවිතා කල හැක. එනම් single ('), double (") සහ triple (''' හෝ """) quotes ඔබ හට අවශ්‍ය ස්ථාන වලදී භාවිතා කල හැක. නමුත් විශේෂ කරුණක් ලෙස ඔබ line කීපයක් පුරාවට වාක්‍ය කීපයක් ලිවීමේදී triple quotes භාවිතා කල හැකි බව සදහන් කල යුතුය. පහත උදාහරණයෙන් ඒ පිළිබඳව තවත් හොදින් අවබෝධ කර ගත හැක.
quotes
Using Blank Lines:
White space එනම් හිස් ඉඩ පමණක් ඇති line මෙන්ම comments කර ඇති line, Python Interpreter එක මගින් blank line ලෙස හදුනා ගනී. එමෙන්ම ඔබ interactive mode එකෙහි වැඩ කරන්නා විට, එහි multiline statement එකක් වෙන් කිරීම සදහා මෙවැනි blank line එකක් තැබිය යුතුය.

Tuesday, August 7, 2012

MySQL - Basics

MySQL - Basics
දැන් MySQL හි භාවිතා වන මූලික command ගැන සලකා බලමු.
show databases ;
දැනට පවතින MySQL Databases වල list එකක් ලබා ගැනීම සඳහා භාවිතා කරයි.
create database ;
අළුතින් database එකක් නිර්මාණය කිරීම සඳහා භාවිතා කරයි.
උදා : create database myDB ;
drop database ;
දැනට පවතින database එකක් delete කිරීම සඳහා භාවිතා කරයි.
උදා : drop database myDB ;
use ;
Database එකක් open කර ගැනීමට භාවිතා කරයි.
උදා : use myDB ;
show tables ;
දැනට Open කර ඇති database එකේ ඇති tables වල list එකක් ලබා ගැනීම සඳහා භාවිතා කරයි.
desc ;
දෙන ලද table එකක meta data ලබා ගැනීම සඳහා භාවිතා කරයි.
උදා : desc myTable ;
01
NOTE :
create සහ drop commands සඳහා if exists හෝ if not exists යන යෙදුම් භාවිතා කිරීමෙන් ඒවා‍ ක්‍රියාත්මක වීමේදී ඇතිවන errors නවතාලිය හැක. එසේ MySQL Script එකක් run කරවීමේදී ඇති විය හැකි errors අවම කලයුතු අතර මන්දයත්, මෙම errors නිසා සමහර විට අපගේ ඉතිරි commands run නොවීමට ඉඩ ඇති බැවිනි.
පැහැදිලි කිරීම :
create database myDB ; ලෙස ලබා දුන් විට දැනටමත් myDB ලෙස database එකක් පවතී නම් error එකක් ලබා දේ.
එවිට create database if not exist myDB; ලෙස ලබා දුන් විට myDB ලෙස database එකක් නැතිනම් පමණක් එය නිර්මාණය කරයි.
drop database myDB ; ලෙස ලබා දුන් විට දැනට myDB ලෙස database එකක් නැතිනම් error එකක් ලබා දේ.
එවිට drop database if exist myDB; ලෙස ලබා දුන් විට myDB ලෙස database එකක් තිබේ නම් පමණක් එය ඉවත් කරයි.

Tables නිර්මාණය කිරීම

මේ සඳහා create tablecommand එක භාවිතා කරයි.මෙහි syntax එක විස්තර කරනවාට වඩා උදාහරණ මගින් පැහැදිලි කරන විට වඩා හොඳින් අවබෝධ කරගත හැකි වනු ඇත.NOTE:
MySQL Scripts run කිරීම සඳහා අප භාවිතා කරන්නේ MySQL CommandLine Client බැවින් type කරන commands edit කර ගැනීම අපහසුය. එනිසා ඒවා වෙනම text file එකක type කර පසුව MySQL CommandLine Client හි paste කරන්න.එවිට type කල command එක දෝෂ සහගත වුවත් text file එකේ ඇති copy එක වෙනස් කර නැවත භාවිතා කල හැක.
සරල Table එකක් නිර්මාණය කිරීමට ලියා ඇති සරලම ආකාරයේ MySQL script එකක් පහත දැක්වේ.
(මෙය run කිරීමට පෙර ඔබට අවශ්‍ය database එක නිර්මාණය කර use command එක මගින් එය තුලට ඇතුලත් වී තිබිය යුතුය.)
create table student(student_id varchar(10) not null,student_name varchar(50) not null,age int(2) default 5);
මෙය කියවීමට අපහසු බැවින් පහත පරිදි එය පේලි වලට වෙන් කර type කිරීම සම්ප්‍රදායිකව සිදු කරනු ලබයි.
 create table student(
  student_id varchar(10) not null,
  student_name varchar(50) not null,
  age int(2) default 5
 );
පැහැදිලි කිරීම :
  • create table student - මෙහි student යනු නිර්මාණය වීමට අවශ්‍ය table එකේ name එක වේ.
  • ; - ඕනෑම MySQL command එකක් අවසානයේ semi-colon ( ; ) එකක් යෙදිය යුතුය.
  • student_id varchar(10) not null
    student_id යනු අදාල column එකේ name එකයි.
    varchar(10) හි varchar යනු student_id සඳහා ලබාදෙන data type එකයි. වරහන් තුල ලබා දී ඇත්තේ ඒ සඳහා තිබිය හැකි උපරිම අකුරු ගණන වේ.
    not null යන්නෙන් නිරූපණය වන්නේ student_id සඳහා අනිවාර්යෙන්ම value එකක් තිබිය යුතු බවයි.
  • student_name varchar(50) not null - ඉහත අයුරින්ම වේ.
  • age int default 5
    age යනු අදාල column එකේ name එකයි.
    int යනු age සඳහා ලබාදෙන data type එකයි.
    default 5 යන්නෙන් නිරූපණය වන්නේ age සඳහා value එකක් ලබා නොදුනහොත් ඒ සඳහා MySQL විසින් ලබාදිය යුතු default value එකයි.

Columns සඳහා යෙදිය හැකි ප්‍රධාන data types

varcharVariable Charactersඅකුරු, ඉලක්කම් වැනි ගණිතමය වටිනාකමක් රහිත විවිධ දිගින් යුත් text සඳහා භාවිතා කරයි.
උපරිම අකුරු ගණන 255 කි.

උදා :
varchar(10) ලෙස ඇති නම් උපරිම වශයෙන් අකුරු 10 කින් යුත් text සඳහා භාවිතා කරයි.
charCharactersදී ඇති නිශ්චිත දිගකින් යුත් අකුරු, ඉලක්කම් වැනි ගණිතමය වටිනාකමක් රහිත text සඳහා භාවිතා කරයි.
උපරිම අකුරු ගණන 255 කි.

උදා :
nic char(10) ලෙස ඇති නම් අනිවාර්යෙන් අකුරු 10 කින් යුත් text සඳහා භාවිතා කරයි.
intIntegersනිඛිල (Integers) ගබඩා කිරීමට භාවිතා කරයි.
-2147483648 සිට 2147483647 දක්වා හෝ 0 සිට 4294967295 දක්වා UNSIGNED (ධන සංඛ්‍යා පමණක්) වශයෙන් භාවිතා කලහැක.

උදා :
int points ලෙස ඇති නම්
int age unsigned ලෙස ඇති නම් තිබිය හැක්කේ ධන සංඛ්‍යා පමණි.

int(5) වශයෙන් ලියූ විට ZeroFill on කර තිබේ නම් ඉලක්කමක අනිවාර්යෙන් තිබිය යුතු ඉක්කම් ගණන නිරූපණය කලහැක.එම ඉලක්කම් ගණනට අඩුවෙන් ඉලක්කම් ඇති අගයක් දුන් විය ඉතිරිය 0 වලින් පිරේ.

උදා :
int(5) distance unsigned zerofill ලෙස ඇති විට එම column එකට 3 ඇතුලත් කල විට එය ගබඩා වන්නේ 00003 ලෙසයි.
doubleFloating Point Numbersදශම සංඛ්‍යා ගබඩා කිරීමට භාවිතා කරයි.
-1.7976931348623157E+308 සිට -2.2250738585072014E-308 දක්වා, 0, සහ 2.2250738585072014E-308 සිට 1.7976931348623157E+308 ඉලක්කම් භාවිතා කලහැක.
double(7,2) වශයෙන් ලියූ විට ගබඩා කලහැකි ඉලක්කම් වල උපරිම වශයෙන් සංඛ්‍යා 7ක් ද දශම තිතෙන් පසුව උපරිම වශයෙන් ඉලක්කම් 2 ක් ද තිබිය හැකි බව නිරූපණය කලහැක.

උදා :
qty double(6,2) ලෙස ඇති නම් උපරිම වශයෙන් ඉලක්කම්(දශම සංඛ්‍යාද ඇතුළුව) 6 ක් තිබිය හැකි අතර දශම කොටසේ ඉලක්කම් 2ක් උපරිම වශයෙන් තිබිය හැකි බව නිරූපණය කරයි.
booleanTrue/Falsetrue හෝ false ගබඩා කර ගබා ගනී.

උදා :
isProcessed boolean
dateDateYYYY-MM-DD ආකාරයේ දිනයක් ගබඩා කර ගබා ගනී.
'1000-01-01' සිට '9999-12-31' දක්වා දිනයන් ඇතුලත් කලහැක.

උදා :
joinedDate date
timeTimeHH:MM:SS ආකාරයේ වේලාවක් ගබඩා කර ගබා ගනී.
'-838:59:59' සිට '838:59:59' දක්වා වේලාවන් ඇතුලත් කලහැක.

උදා :
retunTime time
datetimeDate & TimeYYYY-MM-DD HH:MM:SS ආකාරයෙන් දිනයක් සහ වේලාවක එකතුවක් ගබඩා කර ගබා ගනී.
'1000-01-01 00:00:00' සිට '9999-12-31 23:59:59' දක්වා ඇතුලත් කලහැක.

උදා :
fileCreated datetime

MySQL - හැඳින්වීම

MySQL - හැඳින්වීම

mysql
MySQL යනු SQL(Structured Query Language) මගින් ව්‍යුත්පන්න වූ Free and Open DBMS(Database Management System) එකකි. මෙය Server එකක් ලෙස ක්‍රියා කරන බැවින් එය හා සම්බන්ධ වීමට අපට තවත් මෘදුකාංග ඉතා සහසුවෙන් භාවිතා කල හැක.තවද වෙනත් පරිගණක භාෂාවන් සමඟ වුවද ඉතාමත් පහසුවෙන් සම්බන්ධ කල හැකි නිසා අද වන විට ඉතාමත් ජනප්‍රිය වී ඇත.එමෙන්ම මෙය පරිගණක ජාලයක් තුල වුවද ඉතාමත් පහසුවෙන් ස්ථාපිත කර භාවිතා කලහැකි බැවින් Servers වල දත්ත කළමණාකරණය සදහා භාවිතා කරන ප්‍රභල මෙවලමක් වී ඇත.

MySQL හි විශේෂතා

  • MySQL Server එක සඳහා අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය අඩුය.(උපරිම වශයෙන් 100Mb)
  • ස්ථාපනය කිරීමට වෙනත් Software අනවශ්‍යයි.
  • වෙනත් පරිගණක භාෂා(Java,PHP) මගින් පහසුවෙන් MySQL Server එකට සම්බන්ධ විය හැක.
  • සාමාන්‍ය ඉංග්‍රීසි වචන භාවිතා වන නිසා ඉගෙන ගැනීම සහ භාවිතය පහසුය.

MySQL භාවිතා කිරීමට නම්....

  • පළමුව MySQL Server එක download කරගෙන install කරගත යුතුය.
  • Server Side Programming කිරීමට බලාපොරොත්තු වේ නම්(උදා:PHP) WAMP,XAMPP,LAMP වැනි Package එකක් වුවද install කර ගතහැක.
  • එය නිවැරදිය configure කරගත යුතුය.
  • Third Party Software අවශ්‍ය නම් ඒවාද install කර ගන්න.
  • උදා:
    • MySQL Query Browser
    • Heidi SQL
    • MySQL GUI Tools
    • MySQL Administrative Tools
    • PHPMyAdmin(PHP සහිත server එක්ක භාවිතා කරන්නේ නම් පමණි.)
  • දත්ත සමුදා කළමණාකරණය ගැන න්‍යායික දැනුම.
  • නිවැරදිව Database එකක් නිර්මාණය කර එය නිවැරදිව හා කාර්යක්ෂමව ක්‍රියා කරවීම සදහා න්‍යායික කරුණු අත්‍යාවශ්‍ය වේ

පර්යන්ත උපක‍්‍රම (Peripheral Devices)

පර්යන්ත උපක‍්‍රම (Peripheral Devices)
 
පරිගණක පද්ධතියට සම්බන්ධ/ඈඳුම් (connect) කර ඇති උපක‍්‍රම පර්යන්ත උපක‍්‍රම ලෙස හැඳින්වේ. මේවා ප‍්‍රධාන සැකසුම් ඒකකයේ (Central Processing Unit - CPU) පිටතින් පවතින නමුත් පරිගණකයේ පාලනය සතු වේ. පර්යන්ත උපක‍්‍රම ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා වෙන්කර දැක්විය හැකිය.
1. ආදාන උපක‍්‍රම (Input devices)
2. ප‍්‍රතිදාන උපක‍්‍රම (Output devices)
3. ගබඩා උපක‍්‍රම (Storage devices)


පරිගණක පද්ධතියකට සැකසීම (Process) සඳහා දත්ත ඇතුළත් කරන උපක‍්‍රම ආදාන උපක‍්‍රම ලෙස හැඳින්වේ. එසේ පරිගණකය මඟින් සකසන ලද දත්ත පරිගණකයෙන් පිට කිරීම (Output) සඳහා යොදාගන්නා උපක‍්‍රම ප‍්‍රතිදාන උපක‍්‍රම (Output devices) ලෙස හැඳින්වේ. ඇතැම් උපක‍්‍රම භාවිත කරන්නේ දත්ත ගබඩා කර තබාගැනීම පිණිසය. මේවා ගබඩා උපක‍්‍රම (Storage devices) ලෙස හැඳින්වේ.
ප‍්‍රදාන ප‍්‍රතිදාන ගබඩා
(input) (Output) (storage)
මූසිකය (mouse) මුද්‍රකය (Printer) දෘඩතැටිය (Hard disk)
යතුරු පුවරුව (Key board) ස්පීකරය (Speaker) නම්‍ය තැටිය (Floppy disk)
සංගෘහිත තැටි ධාවක(CD players)
නම්‍ය තැටි ධාවක (Floppy disk drive)






අප දැන් මුලින්ම ප‍්‍රදාන උපක‍්‍රම (Input devices) අධ්‍යයනය කරමු.

1. මූසිකය (Mouse)

පරිගණක තිරයේ ඇති කර්සරය (Curser) චලනය කිරීමට හෝ යමක් සක‍්‍රිය (Activate) කිරීමට අවශ්‍ය වූ විට මූසිකය යොදා ගනී. භාවිත කරන්නාගේ අතෙහි චලනය සහ තද කිරීම් (Click) සංවේදනය කර, ඒවා පරිගණකය වෙත සංඥා ලෙස ලබාදීම මෙමඟින් සිදුකරයි. එවිට පරිගණකය මඟින් ඊට අදාලව ඉක්මණින් ප‍්‍රතිචාර (Response) ලැබේ. මූසික ක‍්‍රියාත්මක වන ආකාරය අනුව දෙවර්ගයකි.
  • සාමාන්‍ය මූසිකය (Normal mouse)
  • ප‍්‍රකාශ මූසිකය (Optical mouse)

  • වර්තමානයේ ප‍්‍රකාශ මූසිකය ඉතා ප‍්‍රචලිත වී ඇත. ඊට හේතුව ඒවා ඕනෑම මුහුණතක් මත (Surface) තබා භාවිත කිරීමට හැකි වීමයි. නඩත්තු කිරීමේ අවශ්‍යතාවය අඩුවීම ද මෙහි ඇති වාසියකි.
    පරිගණක යතුරු පුවරු (Computer Keyboard)

  • යතුරු -101 වැඩි දියුණු කරන ලද යතුරු පුවරුව (101-Key Enhanced Keyboard)
  • යතුරු -104 වින්ඩෝස් යතුරු පුවරුව (104-Key Windows Keyboard)
  • යතුරු -82 ඇපල යතුරු පුවරුව (82-Key Apple Standard Keyboard)
  • යතුරු -108 ඇපල් දිගු යතුරු පුවරුව (108-Key Apple Extended Keyboard)

  • ඕනෑම යතුරු පුවරුවක පහත දැක්වෙන යතුරු ආකාර 4 පවතී.
  • ටයිප් කරන යතුරු (Typing Keys)
  • අංකමය යතුරු පුවරුව (Numeric Keypad)
  • ක‍්‍රියාකාරී යතුරු (Function Keys)
  • පාලන යතුරු (Control Keys)

ටයිප් කිරීම සඳහා අක්‍ෂර යතුරු (Letter keys) භාවිතා වේ. මෙම අක්‍ෂර වල පිහිටීම සමාන්‍ය යතුරු ලියනයක (Type writer) යතුරු වල පිහිටීම ගනී. බොහෝ යතුරු පුවරු (Qwerty) වින්‍යාසය ගනී. එනම්, යතුරු පුවරුවේ මුල් කොටසේ එක පිළිවෙලට ඇති අක්‍ෂර පිළිවෙල (Qwerty) යි. යතුරු 17 කින් සමන්විත අංක සහ කාරක (Operators) වලින් සැදුම් ලත් කොටස අංකමය යතුරු පුවරුවයි. (Numeric keypad) මෙහි අරමුණ වන්නේ ඉක්මණින් පරිගණකය වෙත දත්ත ඇතුළත් කිරීමයි. යතුරු පුවරුවේ ඉහළ කොටසේ එක පෙළට ඇති විශේෂ කි‍්‍රයාකාරී යතුරු (Function keys) ලෙස හැඳින්වේ. පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට (Operating system) මෙම යතුරු වලට විවිධ විධාන (Commands) පැවරීමට හැකියාව ඇත. කර්සරයේ (Curser) හා තිරයේ (Screen)ඇති යම් යම් දේ පාලනය කිරීමට පාලන යතුරු (Control keys) යොදා ගනී. කර්සරයේ පිහිටීම කුඩා අවකාශ (space)වල සිට විශාල පරතරයක් දක්වා වෙනස් කිරීමට ඊ සළකුණු යතුරු (Arrow keys) සහ (Tab) යතුර භාවිතා කළ හැක. තවද, ලිපි ලේඛනයක් (Document) කියවීමේ දී (Home, End, Page, up, Page down)වැනි පාලන යතුරු වල උපකාරය ද ලබාගත හැක. ඇතැම් වින්ඩෝස් යතුරු පුවරු වල අමතර පාලන යතුරු තිබේ. උදාහරණ ලෙස (Winkey) දැක්විය හැකිය. මෙය තද කිරීමෙන් ඔබට වින්ඩෝස් හි (‘Start menu’) ක්‍ෂණිකව විවෘත කරගැනීමට හැකිය. මීට අමතරව පරිගණකයේ ශබ්දය අඩු වැඩි කිරීමට, විද්‍යුත් තැපැල් ලිපි වලට යාමට සහ තවත් විවිධ කාර්යයන් සඳහා පාලන යුතුරු ඇතැම් යතුරු පුවරු වලට ඇතුළත් කර තිබේ.
යතුරු වර්ග උදාහරණ



  • ටයිප් කරන යතුරු A....Z, spacebar, tab,shift




  • අංකමය යතුරු 0-9, *, 1,




  • ක‍්‍රියාකාරී යතුරු F1 - F




  • පාලන යතුරු Home, End, Insert, Delete, Page up, Page down, Control, Alternate, Escape


  • නම්‍ය තැටි (Floppy Disk)

    නම්‍ය තැටි කැසට් පටයකට (Cassette tape) බොහෝ සෙයින් සමානය. එහි චුම්භකනය (Magnetize) කළ හැකි ද්‍රව්‍යයක් අලේපිත වෘත්තාකාර ප්ලාස්ටික් තහඩුවක් අඩංගු වේ. ප‍්‍රමාණයෙන් මේවා අඟල් 3 1/2 සිට අඟල් 5 1/2 ලෙස ලබාගත හැකි අතර, භාවිත කරන්නාට අවශ්‍ය නම් එහි අඩංගු දත්ත වෙනත් අයට භාවිතා කිරීමට හෝ වෙනස් කිරීමට (Modify)නොහැකි වන අන්දමින් එය යතුරු ලීමට (Lock) හැක. අඟල් 3 1/2 තැටියක ධාරිතාව මෙගා බයිට් 1.44 :1ග44 ඵඊ* වේ.

    තොරතුරු ක්‍ෂණිකව ගබඩා කරීමට ඇති හැකියාව, ඒවා මැකීමට :ෑර්ිැ* හැකිවීම, නැවත නැවතත් භාවිතා කිරීමට හැකි වීම (Reuse) , මිලෙන් අඩුවීම සහ භාවිතයට පහසු වීම නම්‍ය තැටි වල ඇති වාසි වේ.

    නමුත් ධාරිතාව අඩුවීම මේවායේ ඇති ප‍්‍රධාන අවාසියයි.

    මෙහෙයුම් පද්ධති (Operating Systems)

    මෙහෙයුම් පද්ධති (Operating Systems)

    පරිගණකයක් මත ධාවනය වන වැදගත්ම වැඩසටහන (Program) වන්නේ එහි මෙහෙුයම් පද්ධතියයි. යෙදීම් මෘදුකාංග (Application Software) සහ පද්ධති ම`ෘදුකාංග (System Software) ලෙස පරිගණක මෘදුකාංග නැතහොත් මෙහෙයුම් පද්ධති සඳහා හිමි වන්නේ වැදගත් ස්ථානයකි. මක්නිසා ද යත් යෙදීම් මෘදුකාංග ධාවනය කිරීමට මෙහෙයුම් පද්ධතිය අත්‍යවශ්‍ය වන බැවිනි. යතුරු පුවරුව, මූසිකය වැනි අදාන උපක‍්‍රම (Input devices) වලින් ලැබෙන ආදාන හඳුනා ගැනීම, අදාන හඳුනාගැනීම, සැකසූ ප‍්‍රතිදානයන් දර්ශන තිරය (Display Screen) වෙත යැවීම සහ දෘඩ තැටි, මුද්‍රක වැනි පර්යන්ත උපක‍්‍රම (Peripheral devices) පාලනය කිරීම වැනි මූලික කාර්යයන් මෙහෙයුම් පද්ධතිය මඟින් ඉටු වේ.

    මෙහෙයුම් පද්ධති වර්ග පහත ලෙස වර්ගීකරණය කළ හැකිය.
    1) බහු පරිශීලක (Multi User) මෙහෙයුම් පද්ධතිය
    2) බහු සැකසුම් (Multi Processing) මෙහෙයුම් පද්ධතිය
    3) බහු කටයුතු (Multi Tasking) මෙහෙයුම් පද්ධතිය
    4) බහු සම්බන්ධක (Multi Threading) මෙහෙයුම් පද්ධතිය
    5) බහු කාල (Real Time) මෙහෙයුම් පද්ධතිය
    ඉහත එක් එක් මෙහෙයුම් පද්ධති වර්ග සවිස්තරව සළකා බලමු.
    Multi User Operating System (බහු පරිශීලක මෙහෙයුම් පද්ධති)
    එකම අවස්ථාවක දී පරිශීලකයන් දෙදෙනෙකුට හෝ වැඩි ගණනකට පරිගණක වැඩසටහන් ධාවනය කිරීමට ඉඩ දෙයි. මෙම වර්ගයට අයත් ඇතැම් මෙහෙයුම් පද්ධති 100 සිට 1000 දක්වා සමකාලික පරිශීලකයන් (Concurrent Users) සංඛ්‍යාවට පරිගණක ප‍්‍රවේශය ලබා දෙයි.
    සියළුම ප‍්‍රදාන සැකසුම් පරිගණක (Mainframe Computers) සහ කුඩා පරිගණක (Mini Computers) මෙම ගණයට අයත් වේ. පුද්ගල පරිගණක හෝ ක්‍ෂුද්‍ර පරිගණක (Micro Computers) මෙම වර්ගයට අයත් නොවේ. ඇතැම් විට මේවා කාලය බෙදාදීම් (Time Sharing) මෙහෙයුම් පද්ධති ලෙස ද හැඳින්වේ.
    Multi Tasking Operating System (බහු සැකසුම් මෙහෙයුම් පද්ධති)
    යම්කිසි ක‍්‍රියාදාම හෝ වැඩසටහන් කිහිපයක් එකවර ධාවනය කිරීම සඳහා සහය වීමට බහු සැකසුම් මෙහෙයුම් පද්ධතියක් අඩංගු පරිගණකයකට හැකියාව ඇත. බහුලව යොදාගන්නා බහු සැකසුම් පද්ධතියක් සඳහා උදාහරණයක් ලෙස UNIX දැක්විය හැක. තනි සැකසුම් මෙහෙයුම් පද්ධති (Single Process) වලට වඩා බහු සැකසුම් මෙහෙයුම් පද්ධති වඩාත් සංකීර්ණ වෙතැයි අපේක්‍ෂා කළ හැක. ඊට හේතු වන්නේ තරඟකාරී වැඩසටහන් සඳහා සාධාරණ ආකාරයට පරිගණක සම්පත් (Resources) වෙන් කළ යුතු බැවිනි.
    Multi Tasking Operating System (බහු කටයුතු මෙහෙයුම් පද්ධති)
    මධ්‍ය සැකසුම් ඒකක (CPU) එකක් පමණක් යොදා ගනිමින් එකම අවස්ථාවේ දී ක‍්‍රියාදාම කිහිපයක් ඉටු කිරීමට පරිගණකය සතු හැකියාව, බහු කටයුතු හැකියාවයි. මෙවැනි මෙහෙයුම් පද්ධති බහු කටයුතු මෙහෙයුම් පද්ධති ලෙස හැඳින්වේ. බහු කටයුතු මෙහෙයුම් පද්ධති බහු සැකසුම් මෙහෙයුම් පද්ධති වලට සමානතාවයක් දක්වන නමුත් බහු කටයුතු පද්ධති වලදී යොදා ගන්නා මධ්‍ය සැකසුම් ඒකක (CPU) ගණන එකක් පමණක් ද බහු සැකසුම් පද්ධති වලදී මධය සැකසුම් ඒකක 1 කට වඩා වැඩි ගණනක් ද යොදා ගැනීම ඒවායේ ඇති වෙනස්කම්ය.
    බහු කටයුතු මෙහෙයුම් පද්ධති ආකාර දෙකකි. මධ්‍ය සැකසුම් ඒකකයේ කාලය (CPU time) කුඩා කොටස් වෙලට බෙදා එක් එක් වැඩසටහන් වලට ලබා දෙන (Preemptive) ඒවා එක් වර්ගයකි. පරිගණක වැඩසටහනට අවශ්‍ය තරම් CPU කාලයක් ලබාගෙන අනවශ්‍ය වූ විට වෙනත් වැඩසටහනකට තාවකාලිකව ලබාදෙන (Cooperative) ඒවා තවත් වර්ගයකි. OS/2, Windows, Windows NT සහ 'Amiga' මෙහෙයුම් පද්ධති ඉහත පළමු ගණයට ද Widows X-3 සහ 'Multifinder' දෙවන ගණයට ද අයත් වේ.

    Multithreading Operating System


    'Threads' නමින් හැඳින්වෙන පරිගණක වැඩසටහන් විවිධ කොටස් ක‍්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති මෙහෙයුම් පද්ධති මෙලෙස හැඳින්වේ. සියළුම Thread එකිනෙක අතර බාධා ඇති කර නොගනිමින් එකම වේලාවේ ධාවනය වීමට හැකි වන පරිදි වැඩසටහන්ගතකරු විසින් පරිගණක වැඩසටහන් ප‍්‍රවේශමෙන් සැලසුම් කළ යුතුය.
    Real time Operating System (සත්‍යකාල මෙහෙයුම් පද්ධති)
    ආදානයක් (Input) ලැබුණු විගසින් එයට ප‍්‍රතිචාරයක් දැක්විය හැකි පරිගණක මෙහෙයුම් පද්ධති මෙනමින් හැඳින්වේ. ප‍්‍රතිදානය සහ ආදානය අතර සැලසුම් යුතු ප‍්‍රමාදයක් නොතිබිය යුතු අවස්ථා වලදී මෙම මෙහෙයුම් පද්ධති වර්ගය යොදා ගත යුතුය.
    උදාහරණයක් ලෙස රළු වාහන නිරීක්‍ෂණය හා පාලනයේ දී (Traffic light control) බාධාවකින් තොරව ගලා එන ඒකාකාර අදාන තොරතුරු සඳහා පරිගණක ක්ක්‍ෂිකව ප‍්‍රතිචාර දැක්විය යුතුය. බොහෝ පොදු අරමුණු මෙහෙයුම් පද්ධති (General power OS) ප‍්‍රතිචාරයන් දැක්වීම සඳහා තත්පර කිහිපයක් හෝ ඇතැම් විට මිනිත්තු ගණනක් ගතවන බැවින් ඒවා මෙම වර්ගයේ මෙහෙයුම් පද්ධති වලට අදාළ නොවේ.
    සත්‍ය කාල මෙහෙයුම් පද්ධති කාර්මික රොබෝ යන්ත‍්‍ර, අභ්‍යවකාශ යානා (Spacecraft) කාර්මික පාලනය (Industrial control) සහ විද්‍යාත්මක පර්යේෂණ උපකරණ සඳහා යොදා ගත හැක.
    සත්‍ය කාල මෙහෙයුම් පද්ධතියක් සඳහා උදාහරණයක් ලෙස ඇමෙරිකානු ගුවන් සේවය සහ IBM ආයතනය මඟින් ගුවන් ගමන් වෙන් කිරීමේ (Airline Reservation) සඳහා වැඩිදියුණු කරන ලද 'Control Program' දැක්විය හැකිය.

    පරිගණක වල පරිණාමය

    Evolution of Computers
    සිව්වන පරම්පරා පරිගණක(1971 - 1991) (Fourth generation Computers)
    ක්ෂුද්‍ර සකසනය - Microprocessor
    1971
    Micro Computer සමාගමේ ගිල්බට් හයට් (Gilbert Hytt) විසින් ක්ෂුද්‍ර සකසනයට (Microprocessor) පේටන්ට් බලපත‍්‍රය ලබා ගන්නා ලදි.

    Intel හි ටෙඞ් හොෆ් (Ted Hoff) විසින් 1971 පෙබරවාරි මාසයේ දී බිටු 4 (4 Bit) 4004 ක්ෂුද්‍ර සකසනය හඳුන්වා දෙන ලදි. එය අති විශාල පරිමාණ සංගෘහිත පරිපථ(VLSI) ආකාරයේ වූ අතර කොටස් 2300 කින් පමණ සමන්විත විය. ගණක යන්ත‍්‍රයක තනි චිපයක් (chip) සඳහා ජපන් සමාගමක් විසින් මෙය යොදා ගන්නා ලදි.

    IBM සමාගම එවකට මතක තැටිය (Memory disk) ලෙස හැඳින්වුණු අඟල් 8 තැටිය (පසුව නම්‍ය තැටිය ලෙස හැඳින්විණි) හඳුන්වා දෙන ලදි.

    1971 නොවැම්බර් මාසයේ Intel සමාගම විසින් MCS - 4 ප‍්‍රථම සූක්‍ෂම පරිගණකය (Micro computer) හඳුන්වා දෙන දි.

    නෝලන් බුෂ්නෙල් (Nolan Bsushnell) ප‍්‍රථම වාණිජ ආර්කේඞ් වීඩියෝ ක‍්‍රීඩාව (Arcade Video Game) වන "computer space" සැලසුම් කරන ලදි.
    1972
    Intel සමාගම බිටු 8 හි (8 bit) 8008 සහ 8080 ක්ෂූද්‍ර සකසන (micro processor) නිෂ්පාදනය කරන ලදි. නම්‍ය තැටි ධාවක (floppy disk drive) 8080 ක්ෂුද්‍ර සකසනය සමඟ ක‍්‍රියාකරවීමට උපදෙස් දීම සඳහා ගේරි කිල්ඩෝල් Gary kildall විසින් පාලන වැඩසටහනක් (control program) ලියන ලදි.
    1974
    බුෂ්නෙල් a (bushnell) විසින් Atari නිර්මාණය කරන ලද අතර සාර්ථක pong ක‍්‍රීඩාව හඳුන්වා දෙන ලදි. Xerox විසින්PARC‍ හිදී Alto පරිගණකය වැඩි දියුණු කරන ලදි. එහි මොනිටරයක් (Monitor) චිත‍්‍රමය අන්තර් මුහුණතක් (Graphical User interface), මූසිකයක් (Mouse) සහ ජාලකරණ සඳහා ජාල කාඞ් පතක් (ethernet card) අඩංගු විය.
    1975
    Altair පුද්ගල පරිගණකය (personal computer) කුඩා ආකාරයකින් (kit form) අලෙවි කරන ලදි. ස්ටීව් ජොබ්ස් (Steve jobs) සහ ස්ටීව් වොස්නියැක් (Steve Wozniak) මෙය පිළිබඳව උනන්දුවක් දැක්වූහ.
    1976
    ජොබ්ස් (Jobs) සහ වොස්නියැක් (Wozniak) Apple ්චචකැ පුද්ගලික පරිගණකය වැඩි දියුණු කරන ලදි. ඇලන් ෂූගාර්ට් (Alan Shugart) අඟල් 5.25 නම්‍ය තැටිය හඳුන්වා දෙන ලදි.
    1977
    ජපානයේ Nintendo සමාගම පරිගණක ක‍්‍රීඩා නිපදවීම ආරම්භ කරන ලදි. ක‍්‍රීඩාවක් නිෂ්පාදනය කිරීමට ඩොලර් කිහිපයක් වැය වුවද එ්වා ඩොලර් 40 ක පමණ මිලකට අලෙවි කරන ලදි. මෙම පරිගණක ක‍්‍රීඩා දත්ත ගබඩා කිරීමට කාටි‍්‍රජ (Cartridge) වල ඇති චිප (chip) යොදා ගන්නා ලදි.

    මෙම සමාගම විසින් හඳුන්වා දෙන ලද ජනප‍්‍රිය ක‍්‍රීඩාවලට උදාහරණ වශයෙන් Donkey king (1981), Super Mario Bros (1985) දැක්විය හැක.
    1948
    Harvard Mark iii ලෙස හැඳින්වූ රික්ත ටියුබ් 5000 කින් සමන්විත ඉලෙක්ට්‍රොනික පරිගණකය(Howard Aiken) හොවර්ඞ් අයිකන් විසින් වැඩි දියුණු කරන ලදි.
    1980
    IBM සමාගම ඔවුන්ගේ නව පුද්ගල පරිගණකයට මෙහෙයුම් පද්ධතියක් (Operating System) ලබාගැනීම සඳහා Microsoft සමාගමේ බිල් ගේට්ස් (Bill Gates) පෝල් ඇලන් (Paul Allen) සහ ස්ටීව් බාමර් (Steve Ballmer) යන අය සමඟ ගිවිසුමක් (Contract) අත්සන් කරන ලදි.
    1984
    Apple computers විසින් ජනවාරි 24 වන දින Macintosh පුද්ගල පරිගණකය හඳුන්වා දෙන ලදි.
    පස්වන පරම්පරා පරිගණක :වර්තමාන හා අනාගත වර්ෂ
    (Fifth Generation Computers)
    1991
    ටිම් බර්නර්ස් ලී (Tim berners Lee) විසින් වැඩි දියුණු කරන ලද විශ්ව විසිරි වියමන (www) CERN විසින් නිකුත් කරන ලදි.
    1993
    ප‍්‍රථම වෙබ් බ‍්‍රවුසරය (Web Browser) වන Mosaic මාර්ක් ඇන්ඩි‍්‍රසන් (Mark Andreesen) සිසුවා සහ එරික් බිනා නම් ක‍්‍රමලේඛනගතකරු (Programmer) විසින් මාසතුනක කාලයකදී නිර්මාණය කරන ලදි.
    1994
    දෙසැම්බර් මාසයේ Netscape Navigator 1.0 අනුවාදය නිකුත් කරන ලදි. එය නොමිලයේ බෙදා හැරුණු අතර වෙළෙඳ පොලේ 75% පමණ පාරිභෝගිකයින් ලබා ගන්නා ලදි.
    1996
    Microsoft සමාගම Explorer 3.0 නම් වූ වැඩි දියුණු කළ වෙබ් බ‍්‍රව්සරය නිකුත් කරන ලදි.

    තාර්කික ද්වාර සහ බූලීය වීජ ගණිතය

    තාර්කික ද්වාර සහ බූලීය වීජ ගණිතය

    Logic gates and Boolean Algebra

    හැඳින්වීම
    පරිගණක හා ඩිජිටල් (Digital) ලෝකයේ සියල්ල පදනම් වී ඇත්තේ ද්වීමය සංඛ්‍යා පද්ධතිය (Binary Number System) මතය. ද්වීමය සංඛ්‍යා පද්ධතියේ දී භාවිතා වන සංකේත දෙක 0 හා 1 බව ඔබ දැනටමත් දනී. සංඛ්‍යාංක තර්කයේ දී (Digital Logic) ද්විමය සංඛ්‍යා පද්ධතියට අදාළ 0 අසත්‍ය ලෙස ද (False) 1 සත්‍ය (True) ලෙස ද සැලකිය හැක. මේ අනුව සෑම තත්වයක්ම සත්‍ය හෝ අසත්‍ය වලින් එකක් පමණක් විය යුතුය. ඒ දෙකම වීම හෝ දෙකෙන් එකක්වත් නොවීම සිදුවිය නොහැක. තාර්කික ක‍්‍රියාවලි (Logical Operations) ද්වීමය සංඛ්‍යා පද්ධති මත පදනම් කිරීමට මූලික හේතුව වී ඇත්තේ ඒවා භාවිතයෙන් පැහැදිලිව අර්ථ දක්වා ඇති අවස්ථා (States) අතර මාරු විය හැකි සරල ස්ථායී (Stable) ඉලෙක්ට්‍රොනික පරිපථ සැලසුම් කිරීමට පහසු බැවිනි. එක් තාර්කික අවස්ථාවකට (State) අදාළ ලක්‍ෂණය අනෙක් තාර්කික අවස්ථාවේ දී ප‍්‍රතිවිරුද්ධ බව පහත වගුවෙන් ඔබට මනාව අවබෝධ කරගත හැක.
    සත්‍යතා වගු (Truth Tables)
    සත්‍යතා වගු භාවිතයෙන් ගැටළුවක දී යොදා ගන්නා තාර්කික විල්‍යයන් ගේ (Logical Variables) අවස්ථා සංයෝජන (State Combinations) විශ්ලේෂණය කළ හැක. සත්‍යතා වගුවක සෑම විචල්‍යයක් සඳහාම ඇත්තේ අගයන් දෙකක් පමණක් බැවින්, විචල්‍ය n ප‍්‍රමාණයක් ඇති ප‍්‍රකාශනයක් සඳහා සත්‍යතා වගුවකට අවශ්‍ය වන්නේ 2n පෙළ (Raw) ප‍්‍රමාණයකි. විචල්‍ය ඕනෑම ගණනකට සත්‍යතා වගු නිර්මාණය කිරීමේ හැකියාව තිබුණ ද මෙම විෂයයේ දී අප යොදා ගන්නා උපරිම විචල්‍ය ගණන 3 දක්වා සීමා කර ඇත.
    OR මෙහෙයුම (OR Operations)
    මෙය තේරුම් ගැනීමට ප‍්‍රථමයෙන් පහත සරල පරිපථය සලකා බලමු.
    බල්බයක්, ස්විච දෙකක් සහ වියලි කෝෂයකින් සමන්විත සරල පරිපථයක් සළකමු. මෙහි S1, S2 වෙන වෙනම සංවෘත කළ විට බල්බය දැල්වේ. S1 සහ S2 දෙකම සංවෘත කළ විටද බල්බය දැල්වේ. බල්බය නොදැල්වෙන්නේ ී1 සහ ී2 දෙකම විවෘත වී ඇති විට දී පමණි. මෙහිදී යම් ස්විචයක අවස්ථාව (සංවෘත ද විවෘත ද යන්න) විචල්‍යයක් ලෙස යොදාගත හැක. ස්විචය වසා ඇති විට ඊට අනුරූප විචල්‍ය අගය නැතහොත් තාර්කික අවස්ථාව (Logical State) 1 ලෙස ද ස්විචය විවෘත කර ඇති විට ඊට අනුරූප අවස්ථාව විචල්‍ය අගය 0 ලෙස ද යොදා ගනිමු.
    මේ අනුව ඉහත සරල පරිපථය ද්වි-ප‍්‍රදාන (Two-input) තාර්කික පරිපථයක් (Logic Circuit) ලෙස සැලකිය හැක.
    ප‍්‍රදාන (input) දෙකකින් එකක් පමණක් හෝ දෙකම සක‍්‍රිය විට (1 විට) ප‍්‍රතිදානය ද (output) සක‍්‍රිය වේ. ප‍්‍රදාන දෙකම අක‍්‍රිය වූ විට පමණක් ප‍්‍රතිදානය ද අක‍්‍රිය වේ. මෙම තොරතුරු පහත වගුව යොදා ගෙන ලියා දැක්විය හැක.
    OR මෙහෙයුමේ ප‍්‍රතිදානය B සඳහා පහත ප‍්‍රකාශනය ලියා දැක්විය හැක.
    B = S1 + S1
    මෙහි '+' යනු OR කාරකය මිස සාමාන්‍ය එකතු කිරීම නොවන බව සැලකිල්ලට ගත යුතුය. මේ අනුව, OR මෙහෙයුමේ දී ප‍්‍රතිදානය අක‍්‍රිය වන්නේ සෑම ප‍්‍රදානයක්ම අක‍්‍රිය වූ විට පමණි. අන් සෑම සංයෝජනයක් සඳහාම ප‍්‍රතිදානය සක‍්‍රිය වේ.
    OR මෙහෙයුම සඳහා දාන 3 කින් සමන්විත තාර්කික පරිපථයක් සඳහා සත්‍යතා වගුවක් පහත දැක්වේ.
    AND මෙහෙයුම (AND Operation)
    පහත සරල පරිපථය සළකා බලමු.
    බල්බය දැල්වීමට නම් ඉහත පරිපථයේ ස්විච දෙකම සංවෘත කළ යුතු බව ඔබ දනී. එනම් AND මෙහෙයුමේ දී ප‍්‍රදාන සියල්ලම සක‍්‍රිය වූ විට පමණක් ප‍්‍රතිදානය ද සක‍්‍රිය වේ. අන් සෑම සංයෝජනයක් සඳහාම ප‍්‍රතිදානය අක‍්‍රිය වේ.
    AND මෙහෙයුමේ දී ප‍්‍රතිදානය B සඳහා පහත ප‍්‍රකාශනය ලියා දැක්විය හැක.
    B = S1 * S2
    මෙහි * සංකේතය AND මෙහෙයුම සඳහා යොදා ගන්නා සංකේතයයි. එය ගණිතයේ දී ගුණකිරීම (Multiplication) නොවේ. එම තොරතුරු පහත සඳහන් සත්‍යතා වගුවේ දැක්වේ.
    මේ අනුව AND මෙහෙයුමේ දී ප‍්‍රතිදානය සක‍්‍රිය වෙන්නේ ප‍්‍රදාන දෙකම සක‍්‍රිය වූ විට බව පැහැදිලිය. AND මෙහෙයුම සඳහා ප‍්‍රදාන 3 කින් සමන්විත තාර්කික පරිපථයක් සඳහා සත්‍යතා වගුවක් පහත දැක්වේ.
    NOT මෙහෙයුම (NOT Operation)
    OR මෙහෙයුම සහ AND මෙහෙයුම මෙන් නොව, NOT මෙහෙයුම ඉටුකර ගැනීමට අවශ්‍ය වන්නේ ප‍්‍රදාන 1 ක් (Single Input) පමණි. ප‍්‍රදානය A වන NOT මෙහෙයුමක් සඳහා ප‍්‍රතිදානය X පහත පරිදි ලියා දැක්විය හැකිය.
    X = A'
    මෙහි ‘'’ යන්න NOT මෙහෙයුම සඳහා යොදා ගන්නා සංකේතයයි. මෙය ‘ප‍්‍රතිවිරුද්ධ දෙය’ නැතහොත් ප‍්‍රතිලෝමය (inverse) ලෙස ද ඇතැම් විට හඳුන්වයි.
    NOT මෙහෙයුම සඳහා සත්‍යතා වගුවක් පහත දැක්වේ.

    Wednesday, August 1, 2012

    This blog helps the sudents who follow ICT in O/L & A/L