Thursday, August 16, 2012

නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග

 

නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග යනු ඕනැම කෙනෙකුට ‍නිදහසේ ලබා ගැනිමටත්, අධ්‍යනය කිරිමටත්, තව දුරටත් වැඩි දියුණු කර බෙදා හැරිමටත් හැකි වන පරිදි කේත ලබා දෙන මෘදුකාංග වේ. මෙම යොමුවිම මගින් භාවිත කරන්නන් ගේ විශ්වාසයත් ගෞරවයත් ප්‍රශංසාවත් නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග වෙත හිමි වී ඇත. 'FOSS' යන ඉංග්‍රිසි නාමය නිදහස් මෘදුකාංග හා විවෘත මෘදුකාංග වලට පොදුවේ හාවිතා වේ. මේ දෙවර්ගය සමාන කාර්යයක් ඉටුකරන නමුත් වෙනස් සංකල්ප වලින් සමන්ව්ත වේ. නිදහස් මෘදුකාංග වල අරමුන පරිගණක භාවිත කරන්නන් ගේ නිදහස ආරක්ෂා කිරිම වන අතර, විවෘත මෘදුකාංග නිදහස් කේත මගින් භාවිත කරන්නන් අතර දැනුම හුවමාරුවත් ඒ මගින් වඩාත් කාර්යක්ෂම නිර්මාණයක් එළිදැක්වීමටත් කටයුතු කරයි. නමුත් බොහෝ විට මෙම වෙනස පිලිබදව නිසි සැලකීමක් නොදැක්වේ. නිදහස් මෘදුකාංග බලපත්‍ර හා ‍විවෘත මෘදුකාදග බලපත්‍ර බොහෝ මෘදුකාංග පැකේජයන් විසින් භා‍විතා කරනු ලබයි. මෙම බලපත්‍ර අතර ඉතා පැහැදිලි වෙනසක් ඇත. මෙම බලපත්‍ර එම මෘදුකාංග භාවිතා කිරිමෙ ශාස්ත්‍රය පැහැදිලි කරයි.
This article is about "නිදහස් මෘදුකාංග" as defined by the sociopolitical නිදහස් මෘදුකාංග ව්‍යාපාරය; for information on software distributed without charge, see freeware. For other uses, see නිදහස් මෘදුකාංග (disambiguation).
නිදහස් මෘදුකාංග පදනම මගින් අර්ථ දක්වා ඇති අන්දමට නිදහස් මෘදුකාංග යනු බාධාවකින් තොරව භාවිතා කිරීමට, පිටපත් කිරීමට, අධ්‍යායනය කිරීමට, වෙනස් කිරීමට හා යලි බෙදා හැරීමට හැකි මෘදුකාංග වේ. මෘදුකාංගයක්, නිදහස් මෘදුකාංගයක් ලෙස බෙදා හැරීමේ සාමාන්‍ය ක්‍රමය වනුයේ මෘදුකාංගය එය ලබන්නා වෙත නිදහස් මෘදුකාංග බලපත්‍රයක් සමග ලියාපදිංචි කිරීම (හෝ Public domain තුළ වීම) සහ මෘදුකාංගයෙහි මූල කේතය මුදා හැරීම වේ. (for a compiled language).