Sinhala medium learning materials of ICT for G.C.E. O/L and A/L in Sri Lanka.Include all past papers of ICT/GIT. To provide a proper guidance,Includes extractions as well. To get sinhala unicode font visit www.siyabas.lk
Sunday, September 23, 2012
Sunday, September 16, 2012
Waterfall model and prototype model
Software Process යනු
Process Model ඒකක් නිර්මාණය කිරීම Process ඒක තුළ ඇති නොගැලපීම්, අනවශ්‍ය දේ ආදිය හදුනා ගැනීමට උපකාරී වේ. මෙවන් ගැටළු හදුනා ගෙන නිවැරදි කර ගන්නා හෙයින් Process ඒක වඩා කාර්යක්ෂම වේ. මෙවැනි Software Process Model කිහිපයක් නම්,
Waterfall Model:-
එකිනෙකට වෙනස් තනි පියවරවලින් සැදුම්ලත් රේඛීය අනුක්‍රමික Model ඒකකි. එනම් එක් පියවරක් අවසාන කිරීමෙන් පසු අනෙක් පියවර ආරම්භ කළ යුතුය. මෙහි ප්‍රධාන පියවර 5කි. ඒවා නම්,
- Software ඒකක් නිපදවන සම්පත්, සීමාවන් (Constraints) හා ක්‍රියාකාරකම් අඩංගු වන, කිසියම් අනුපිළිවෙළකට අනුව සකස් කරන ලද කාර්යයන්(Tasks) වල එකතුවකි.
- එය Process ඒක සෑදී තිබෙන ක්‍රියාකාරකම් පරීක්ෂා කිරීමට, අවබෝධ කර ගැනීමට, පාලනය කිරීමට හා වර්ධනය කර ගැනීමට ඉඩ ලබා දෙමින් අපගේ ක්‍රියාවන්ට මග පෙන්වයි.
- Software 1ක සියළුම අවධීන් අඩංගු වන හෙයින් සමහර අවස්ථාවලදී මෙම Process ඒකක් සදහාLifecycle යන නම යෙදේ.
Process Model ඒකක් නිර්මාණය කිරීම Process ඒක තුළ ඇති නොගැලපීම්, අනවශ්‍ය දේ ආදිය හදුනා ගැනීමට උපකාරී වේ. මෙවන් ගැටළු හදුනා ගෙන නිවැරදි කර ගන්නා හෙයින් Process ඒක වඩා කාර්යක්ෂම වේ. මෙවැනි Software Process Model කිහිපයක් නම්,
- Waterfall Model
- Prototyping Models
- Evolutionary Models
- The Spiral Model
- Formal Development
- Incremental Development
- Rapid Application Development
- Unified Process
- Agile Process
- Extreme Programming (XP)
නිපදවන Software එකේ ස්වභාවය අනුව ඒ සදහා ඒ ඒModel සුදුසු විය හැක.
මෙහි Waterfall Model හා Prototyping Models විස්තර වශයෙන් විමසා බලමු.
මෙහි Waterfall Model හා Prototyping Models විස්තර වශයෙන් විමසා බලමු.
Waterfall Model:-
එකිනෙකට වෙනස් තනි පියවරවලින් සැදුම්ලත් රේඛීය අනුක්‍රමික Model ඒකකි. එනම් එක් පියවරක් අවසාන කිරීමෙන් පසු අනෙක් පියවර ආරම්භ කළ යුතුය. මෙහි ප්‍රධාන පියවර 5කි. ඒවා නම්,
- Requirement Analysis & Specification
- Software Design
- Coding
- Testing
- Maintenance
1. Requirement Analysis & Specification:-
ගනුදෙනුකරුගෙන් තොරතුරු විමසීම හරහාSoftware ඒකකින් සිදු විය යුතු සේවාවන්, එහි සීමාවන් (Constraints) හා එහි අරමුණු සනාථ කර ගනු ලැබේ. මෙහිදී Software එකෙහි Domain ඒක හා Functionality, Behavior, Performance, Interface, Security ආදි වූ සියළුම අවශ්‍යතාවන් (Requirements) අවබෝධ කර ගැනීම සිදු විය හැක. පසුව මෙම අවශ්‍යතා, ගනුදෙනුකරුවන් (Users) හා Development Staff යන දෙපක්ෂයටම අවබෝධ කර ගත හැකි ආකාරයකට ඉදිරිපත් කෙරේ.
2. Software Design:-
Design ක්‍රියාවලිය මගින් පෙර පියවරේදී හදුනා ගත් Requirements, Software Tools උපයෝගී කර ගනිමින් ක්‍රියාවට නැංවිය හැකි Software ඒකක නිරූපණයක් බවට පරිවර්තනය කරයි. Design ක්‍රියාවලියේ ප්‍රධානම අභිප්‍රායන් වනුයේ Software Components (කොටස්), Software Architecture, Interfaces, Data Structures හා Algorithms හදුනා ගැනීමයි.
3. Coding (Implementation) :-
පෙර පියවරේදී හදුනා ගත් Design ඒක පරිගණකයට කියවා ගත හැකි (Machine Readable) ආකාරයකට පරිවර්තනය කළ යුතුය. මෙම පියවරේදී Software Design ඒක, Program හෝ Program Unit කාණ්ඩයක් ලෙස ලබා ගැනේ.Software Develop කිරීම සදහා Programming Languages හෝ CASE Tools භාවිතා කළ හැක.Software ඒක සත්‍ය වශයෙන්මImplement කෙරෙන අවධිය මෙයයි.
4. Testing:-
Testing ක්‍රියාවලිය මගින්Software ඒක නිවැරදිව වැඩ කරන බවත් පෙර හදුනා ගත් Requirements සියල්ල තෘප්ත කරන බවත් සහතික කළ යුතුය. පරීක්ෂා කිරීමෙන් (Testing) පසු Software ඒක ගනුදෙනුකාර පාර්ශවය වෙත නිකුත් කෙරේ.
5. Maintenance:-
Software ඒක ගනුදෙනුකාර පාර්ශවය වෙත නිකුත් කිරීමෙන් අනතුරුවද නිශ්චිතවම වෙනස්කම්වලට භාජනය වේ. එහි පවතින දුබලතා නිවැරදි කොට නව අවශ්‍යතාවලට (Requirements) ගැලපෙන පරිදි නවීකරණය කළ යුතුය.

මෙම Model ඒක භාවිතා කිරීමට නම්අවශ්‍යතාවන් (Requirements) සියල්ල පැහැදිලි විය යුතුය. එක් පියවරක් නිම කිරීමෙන් පසු නැවත වෙනස්කම් සිදු කළ නොහැක. උදාහරණයක් ලෙසDesign ඒක නිම කිරීමෙන් පසුDesign ඒක නැවත වෙනස් කළ නොහැක. මේ නිසා Software Development Process ඒක අතරතුරදී Requirements වෙනස් වන්නේ නම් මෙමModel ඒක සුදුසු නැත.
එනම් Waterfall Model ඒක වඩාත්ම සුදුසු වනුයේ Requirements පැහැදිලි හා ස්ථාවර අවස්ථා වලදීය.
Waterfall Model සම්බන්ධ ගැටළු:-
- සත්‍ය වශයෙන්ම මෘදුකාංග ව්‍යාපෘති මෙවැනි අනුක්‍රමික ප්‍රවාහයක් අනුගමනය කරන්නේ ඉතාම සුළු වශයෙන් වීම.
- බොහෝ අවස්ථාවලදී සියළුRequirements පැහැදිලිව, සවිස්තරව ඉදිරිපත් කිරීමට ගනුදෙනුකරුවන් අපොහොසත් වීම.
- ගනුදෙනුකරුවන් ඉවසීමෙන් බලා සිටිය යුතුය. ක්‍රියාත්මක කළ හැකි Software ඒකක් ලැබෙන්නේ අවසාන පියවරයන් හිදීය.
Enhanced Version of Waterfall Model
Prototyping Models :-
ගනුදෙනුකරුවන් හට නව මෘදුකාංග පද්ධතිය තමන්ගේ වැඩ කටයුතු සදහා යොදා ගන්නා ආකාරය කලින්ම සිතීමට අපහසුය. විශේෂයෙන්ම ඉතා විශාල හා සංකීර්ණ පද්ධතියක් නම් එය නිපදවා භාවිතයට ගන්නා තෙක්ම අපහසු විය හැක.
මේ නිසා මෙම අපැහැදිලි Requirements පැහැදිලිව හදුනා ගැනීමටPrototype ඒකක් (මෘදුකාංගයේ මූලික අවස්ථාවක්) යොදා ගත හැක. මේ සදහා ගනුදෙනුකරුගේ සහභාගීත්වයද ඇතිව මෙමPrototype ඒක විනිශ්චය කළ යුතුය.
Prototyping හි ප්‍රධාන ශිල්ප ක්‍රම 2කි. ඒවා නම්,

- Throw-away Prototyping
- Evolutionary Prototyping
1. Throw-away Prototyping:-
මෙහි ප්‍රධාන පරමාර්ථය වනුයේ Requirements පැහැදිලිව අවබෝධ කර ගැනීමයි. මෙහිදී ව්‍යාපෘතිය ආරම්භ කෙරෙනුයේ දුබල ලෙස හදුනා ගත් Requirements වලිනි. නමුත් Requirements පැහැදිලි කර ගත් වහාම Prototype 1 ඉවත් කර System 1 මුල සිටම Develop කෙරේ. නමුත් Prototype ඒක සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු නැත. එහි අවසන් System ඒක සදහා භාවිතා කළ හැකි කොටස් වේ නම් ඒවා භාවිතා කළ හැක.

මෙහිදීRequirements හදුනා ගත් පසු අප කටයුතු කරන්නේ Waterfall Model ඒක ආකාරයටය.Prototype ඒක ද ඉවත් කරයි. ඒ නිසාRequirements පසුව වෙනස්කම්වලට භාජනය විය නොහැක.
එනම්Throw-away Prototyping Model ඒක වඩාත් සුදුසු වන්නේRequirements අපැහැදිලි නමුත් ස්ථාවර අවස්ථාවලදීය.
Throw-away Prototyping සම්බන්ධ ගැටළු:-
ක්ෂණිකව Implement කිරීමේදී ඉතා වැදගත් ලක්ෂණPrototype ඒකෙන් මග හැරී යා හැක. කෙසේ වුවත්System එකෙහි සුරක්ෂිත බව වැනි වැදගත් කොටස්Prototype ඒකකට නැංවීම අපහසු විය හැක.
මෙහිදී Implement කිරීමක් සිදු වුවද ඒ සදහා ගනුදෙනුකරු හා Developer අතර නීතිමය වලංගු භාවයක් නොමැත. Implement කිරීමෙන් පසු ගනුදෙනුකරුPrototype ඒක ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් ඇත.
Prototype Implementation ඒකකදී Reliability, Robustness වැනි ගුණාංග ප්‍රමාණවත් ලෙස පරීක්ෂාවට ලක් කළ නොහැක.
2. Evolutionary Prototyping:-
මෙහි දී ද පෙර පරිදීම Prototype ඒකක් භාවිතයෙන් Requirements පැහැදිලි කර ගනු ලැබේ. ඉන්පසුPrototype ඒකඉවත් නොකරRequirements තෘප්ත වන තෙක් එයම වැඩි දියුණු කරයි. මෙහිදීRequirements වල වෙනස් වීම් වලට ඉඩ දිය හැක. වෙනස් වනRequirements වලට අනුවPrototype ඒක ද වැඩි දියුණු කළ යුතුය.System ඒකසතුටුදායක මට්ටමකට පැමිණි විට ගනුදෙනුකරු වෙත නිකුත් කළ හැක.

Evolutionary PrototypingModel ඒක වඩාත් සුදුසු වන්නේRequirements අපැහැදිලි හා අස්ථාවර අවස්ථාවලදීය.
Evolutionary Prototyping හි වාසි :-
- Prototype ඒක සදහා දැරූ උත්සාහය අපතේ නොයාම.
- Waterfall Model ඒකට වඩා වේගවත් වීම.
- ආරම්භයේ සිටම ගනුදෙනුකරුගේ සහභාගීත්වය ඉහළ මට්ටමක පැවතීම.
- තාක්ෂණික හෝ වෙනත් ගැටළු ඉක්මනින් හදුනා ගන්නා හෙයින් අවදානම අඩු වේ.
- Prototype ඒක ඉක්මනින් සකස් කෙරෙන නිසා එතරම් හොද Documentation ඒකක් සිදු නොවේ.
- දිගින් දිගටම කෙරෙන වෙනස්කම් නිසා Prototype ඒකෙහි ව්‍යුහයට හානි විය හැක. එමගින් නඩත්තු කිරීම අපහසු හා අධික වියදම් සහිත විය හැක.
- Prototype ඒක සදහා භාවිතා කරන Language ඒක සෑම විටම අවසන්System ඒක සදහා සුදුසු නොවිය හැක.
- කෙටි කලකින් නිම කළ යුතු ව්‍යාපෘති සදහාRapid Application Development සුදුසු වේ.
- ඉහළ නිරවද්‍යතාවයක් අවශ්‍ය වන ව්‍යාපෘති සදහා Formal Development සුදුසුය.
- අවදානම ඉහළ ව්‍යාපෘති සදහාSpiral Model සුදුසුය.
Sunday, September 9, 2012
vb 2
Compiling
ඉංග්‍රිසි භාෂාවේ වචන භාවිතා කර (High Level Language) ලියන ලද වැඩසටහන පරිගණකයට තේරුම් ගත හැකි භාෂාවට (Machine Language) පරිවර්තනය කිරීම Compile කිරීම ලෙස හඳුන්වයි. Visual Basic වල භාවිතා කරන්නේ Interpreter වර්ගයේ පරිවර්තකයකි. එහි ඇති විශේෂත්වය නම් එක් instruction එකක් compile කර run කිරීමෙන් අනතුරුව අනෙක් instruction එක compile කිරීම ඇරඹීමයි.
Running
Compile කරන ලද වැඩසටහන ක්‍රියාත්මක කරවීම run කිරීමයි. මෙහිදී compile වීමද සිදුවේ. Run button එක click කිරීම මගින් වැඩසටහන run කරගත හැක.
Break - වැඩසටහන අතරමග නැවැත්වීම සිදුකරයි
End - වැඩසටහන සම්පූර්ණයෙන් නැවැත්වීම සිදුකරයි.
Output Statements
වැඩසටහනක ප්‍රතිඵල හෝ output කළ යුතු ඕනෑම දෙයක් output කිරීමට output statements භාවිතා කරයි. මූලිකම output device එක Monitor (Screen) එක බැවින් සාමන්‍යයෙන් Screen එක මතට output කිරීම සිදු කරයි.
Print - මෙම command එක output කිරීමට භාවිතා කරයි. Print විධානයට පසු print විය යුතු අගය ලබා දිය යුතුය. එය අකුරු, ඉලක්කම් හෝ විචල්‍යයක් විය හැකිය
උදාහරණ:
Print "baby"
Print 123
Print x
මෙහි Print x statement එක ක්‍රියාත්මක නොවේ නමුත් ඉතිරි statements ක්‍රියාත්මක වේ. භාවිතා කරන්නේ Compiler වර්ගයේ පරිවර්තකයක් නම් වැඩසටහන සම්පූර්ණයෙන් නිවැරදි වන තුරු ක්‍රියාත්මක කල නොහැක.
Comments
වැඩසටහනක පවතින නමුත් ක්‍රියාත්මක නොකල යුතු statements compile වීම හෝ run වීම නැවැත්වීම comment කිරීමෙන් සිදුවේ. මේ සඳහා visual basic වලදී ' (Single quotation) සළකුණ භාවිතා කරයි.
උදාහරණ:
'This is a Comment
'Single line comments only
Key Words
යම් භාෂාවක විශේෂිත කාර්යයන් සිදුකිරීමට වෙන්කර ඇති පද key word (reserved words) ලෙස හඳුන්වයි. මෙම පද එම නිශ්චිත කාර්යයට හැර වෙනත් කාර්යයන් සඳහා භාවිතා කල නොහැක.
Visual Basic වල ඇති key words සමහරක්
Dim, Private, Public, End, Loop, Do, While, Until, Next, Unload, Load, Me, සියළුම data types, If, Then, Else, Select, Case, Break, Option
Variables
විචල්‍යය (variables) යනු වෙනස් වන දත්ත ගබඩා කර තබාගැනීමට භාවිතා කරන්නකි. Visual Basic වල පහත ආකෘතියට (syntax) අනූව variables declare (හඳුන්වා දීම) කල යුතුය.
උදාහරණ:
Dim x As Integer
Public db As DAO.Database
Private width As Double
Variable name එකක් යෙදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
- සංඛ්‍යාවකින් variable name එකක් ආරම්භ කළ නොහැක. ඉංග්‍රිසි අකුරකට පසුව සංඛ්‍යා භාවිතා කල හැකිය.
- +, -, /, * වැනි විශේෂිත සලකුණු භාවිතා කළ නොහැකිය.
- අකුරු අතර spaces තිබිය නොහැකි අතර underscore _ එකක් දිය හැකිය.
- එකම ආකාරයේ variable names දෙකක් තිබිය නොහැක.
- Keywords භාවිතා කල නොහැක.
- Visual Basic වල case sensitive (Simple Capital අකුරු අතර වෙනස) නොමැති අතර Marks හා marks යන්න දෙකක් නොව එකක් ලෙස හඳුනා ගනියි.
Data types
Varible එකක් තුල තැන්පත් කිරීමට බලාපොරොත්තු වන data වර්ගය කුමක්ද යන්න අර්ථදැක්වීම සිදුකරන්නේ data type එක මගිනි. Variable එකට අවශ්‍යය ඉඩ RAM එකෙන් වෙන් කර ගැනීමට මෙම අර්ථදැක්වීම උපකාරී වේ.
Visual Basic වල භාවිතා වන මූලික Data types
- Integer
- Byte
- Double
- Single
- Long
- String
- Boolean
- Date
- Object
- Variant
Array
Array එකක් යනු දත්ත තැන්පත් කර තැබීමට භාවිතා කරන data structure එකකි. එය එකම වර්ගයේ (data type) variables සමූහයක එකතුවක් ලෙස හැදින්විය හැක. එක් එක් කුඩා කොටසක් තුල දත්ත තැන්පත් කල හැකි අතර ඒවා නම් කරනු ලබන්නේ 0 සිට ආරම්බ වන ධන නිඛිල (positive integers) වලිනි. එම කුඩා කොටසක් element එකක් වන අතර ඒවා නම් කරන්නේ indexes වලිනි. පහත ආකාරයට array එකක් අර්ථදැක්විය හැකිය.
vb1
Visual Basic 6.0 හැඳින්වීම
Visual Basic 6.0 යනු Microsoft සමාගමේ Visual Studio පැකේජයට අයත් පරිගණක භාෂාවකි. අද වන විට එහි නව සංස්කරණ (එනම් VB2008, VB2010, VB2012) පැමිණ තිබුනත්, අදටත් ඉතා පහසුවෙන් applications නිර්මාණය කිරීමට මෙම භාෂාව භාවිතා කළ හැක. මෙය පරිගණක භාෂාවකට වඩා visual prototyping language එකක් ලෙස හැඳින්වීම වඩා නිවැරදිය. 32bit Windows මෙහෙයුම් පද්ධති තුළ ඉතා හොඳින් භාවිතා කළ හැකිය.
Visual Basic හි අතුරු මුහුණත (User Interface)
- Menu Bar
- Standard Tool Bar
- Tool Box
- Project Explore Window
- Properties Window
- Form Layout Window
- Form Designing Window (Form)
- Coding Window
Tool Box
Application Window එකකට අවශ්‍යය වන buttons, text box වැනි දෑ මෙහි අන්තර්ගත වේ. භාවිතා කල යුතු tools, form එක මතට ඇද දැමීමෙන් (drag and drop) හෝ select කර form එක මත ඇඳීමෙන් හෝ Form එකට එක් කර ගත හැක.
View --> Toolbox යන menu options (තේරීම්) මඟින් toolbox එක display කර ගත හැකිය.
පසුව toolbox හි අන්තර්ගත tools හා ඒවායින් කරන කාර්යයන් ගැන සොයා බලමු.Properties Window
ඉහත සඳහන් කල Toolbox එකේ ඇති tool වලට අදාල ගතිගුණ (properties) වෙනස් කිරීම, බලා ගැනීම මෙම window එක මගින් කල හැක.
Form Design Mode එකේදී tools වලට දෙනු ලබන properties මෙහි අන්තර්ගත වේ. එනම් උදාහරණයක් ලෙස Label එකක් සැකකුව හොත්, එහි දිග, පළල, font colour, font size, font, background colour, label එකේ සඳහන් විය යුතු දේ වැනි දේවල් මෙම window එක භාවිතයෙන් සකස් කර ගත හැක.
View --> Properties Window යන menu options (තේරීම්) මඟින් Properties Window එක display කර ගත හැකිය.
පසුව එක් එක් property එක මඟින් සිදු කරන කාර්යය ගැන එක් එක් tool එකට අදාලව සොයා බලමු.Project Explore Window
Windows Explore වැනි window එකකි. අපගේ project එකට අදාල සියළුම Forms, Modules, Reports, Connections මෙම window එක තුල දැකිය හැක.
පහසුවෙන් Project එකේ ඇති ප්‍රධාන කොටස් අතර එහා මෙහා යාමට හා ඒවා පරිහරණය කිරීමට මෙම window එක උදවු වේ.
View --> Project Explore Window යන menu options (තේරීම්) මඟින් Project Explore Window එක display කර ගත හැකිය. Form Layout Window
Monitor එකක් වැනි කොටුව තුල පෙන්වන්නේ Form එක සැබෑවටම display වන ස්ථානයයි (position)
Window එක තුල ඇති form එක එහා මෙහා drag කිරීමෙන් Form එක running time එකේදී දර්ෂණය වන ස්ථානය වෙනස් කර ගත හැකිය.
තවද එම window එකේ ඇති form එක මත right click කිරීමෙන් ලැබෙන menu එකේ startup position යටතේද එක running time එකේදී form එක දර්ෂණය වන ස්ථානය වෙනස් කර ගත හැකිය.
View --> Form Layout Window යන menu options (තේරීම්) මඟින් Form Layout Window එක display කර ගත හැකිය. Form Designing Window (Form)
Application එකක අන්තර්ගත වන window එකක් design කිරීමට පහසුකම් ලබා දෙන window එකකි. Form එකක් යනු එලෙස සකස් කරනු ලබන application window එකකි. Form එකක් තුල අනෙකුත් සියළුම tools අන්තර්ගත කල හැක.
Project එකක ඇති මූලිකම object එක ලෙස Form එකක් හැඳින්විය හැකිය. ඉහතින් දැක්වෙන්නේ buttons කිහිපයක් එකතු කර සකසා ඇති Form එකකි. එයට tools එකතු කිරීම හා එයින් tools ඉවත් කිරීම සිදුකල හැක. Tool එකක් එකතු කිරීමට ඉහත toolbox යටතේ සඳහන් කල ක්‍රම වලිනුත් ඉවත් කිරීම අදාල object එක select කර keyboard එකේ delete key එක press කිරීම මගිනුත් සිදුකර ගත හැකිය.
Project එකකට නව Form එකක් එකතු කර ගැනීම
- Project --> Add Form menu option ලබා දීමෙන් හෝ standard tool bar එකේ ඇති Add Form මඟින් Add Form dialog එක ලබා ගන්න.
- අවශ්‍යය වන්නේ empty form එකක් නම් New tab එක යටතේ Form select කර open button එක click කරන්න
Coding Window
Project එකට අදාල කේත කොටස් ලිවීමට මෙම window එක භාවිතා කරයි. Project එකෙහි ඇති මූලික objects වලට අදාලව වෙන වෙනම coding windows ඇත. Visual Basic වලදී Event handling කේත පමණක් අප විසින් ලිවිය යුතු අතර project එකේ main program එක භාවිතා කරන්නා (User) හට නොපෙන්වයි.
මෙහි ඉහලින්ම ඇති combo boxes (drop down list) දෙකෙන් වම් පස ඇති combo box එකෙන් object එකත් දකුණු පස ඇති combo box එක මඟින් procedure (event) එකත් පෙන්වයි. Window එකේ හරස් දිගු ඉරි මඟින් එවැනි සංයෝජන වලට අදාල කේත වෙන් කරනු ලබයි.
පහත උදාහරණය සළකන්නPrivate Sub Command1_Click()
End Sub
මෙහි Private යනු ඉහත procedure එක භාවිතා කල හැක්කේ Project එකේ ඇති කුමන objects වලටද යන්න දක්වන්නකි (Access Modifier). Command1 යනු අදාල object එකයි (මෙහිදී එය command button එකකි). Click යනු event (procedure) එකයි.
ඒ අනූව මෙම කේත කොටස Command1 හි Click event එකට අදාල කේත කොටසයි. End Sub යනු එම කේත කොටස අවසාන බව දැක්වීමට යොදන keywords යුගළයයි.
ඕනෑම object එකක් මත right click කර view code, menu option එක තේරීම මඟින් හෝ අදාල object එක මත double click කිරීම මඟින් code window එක open කර ගත හැකිය.
Subscribe to:
Posts (Atom)