Sunday, September 9, 2012

vb1

Visual Basic 6.0 හැඳින්වීම

Visual Basic 6.0 යනු Microsoft සමාගමේ Visual Studio පැකේජයට අයත් පරිගණක භාෂාවකි. අද වන විට එහි නව සංස්කරණ (එනම් VB2008, VB2010, VB2012) පැමිණ තිබුනත්, අදටත් ඉතා පහසුවෙන් applications නිර්මාණය කිරීමට මෙම භාෂාව භාවිතා කළ හැක. මෙය පරිගණක භාෂාවකට වඩා visual prototyping language එකක් ලෙස හැඳින්වීම වඩා නිවැරදිය. 32bit Windows මෙහෙයුම් පද්ධති තුළ ඉතා හොඳින් භාවිතා කළ හැකිය.

Visual Basic හි අතුරු මුහුණත (User Interface)

clip image002
  1. Menu Bar
  2. Standard Tool Bar
  3. Tool Box
  4. Project Explore Window
  5. Properties Window
  6. Form Layout Window
  7. Form Designing Window (Form)
  8. Coding Window

Tool Box

clip image003Application Window එකකට අවශ්‍යය වන buttons, text box වැනි දෑ මෙහි අන්තර්ගත වේ. භාවිතා කල යුතු tools, form එක මතට ඇද දැමීමෙන් (drag and drop) හෝ select කර form එක මත ඇඳීමෙන් හෝ Form එකට එක් කර ගත හැක.
View --> Toolbox යන menu options (තේරීම්) මඟින් toolbox එක display කර ගත හැකිය.
පසුව toolbox හි අන්තර්ගත tools හා ඒවායින් කරන කාර්යයන් ගැන සොයා බලමු.















Properties Window

clip image004ඉහත සඳහන් කල Toolbox එකේ ඇති tool වලට අදාල ගතිගුණ (properties) වෙනස් කිරීම, බලා ගැනීම මෙම window එක මගින් කල හැක.
Form Design Mode එකේදී tools වලට දෙනු ලබන properties මෙහි අන්තර්ගත වේ. එනම් උදාහරණයක් ලෙස Label එකක් සැකකුව හොත්, එහි දිග, පළල, font colour, font size, font, background colour, label එකේ සඳහන් විය යුතු දේ වැනි දේවල් මෙම window එක භාවිතයෙන් සකස් කර ගත හැක.
View --> Properties Window යන menu options (තේරීම්) මඟින් Properties Window එක display කර ගත හැකිය.
පසුව එක් එක් property එක මඟින් සිදු කරන කාර්යය ගැන එක් එක් tool එකට අදාලව සොයා බලමු.











Project Explore Window

clip image005Windows Explore වැනි window එකකි. අපගේ project එකට අදාල සියළුම Forms, Modules, Reports, Connections මෙම window එක තුල දැකිය හැක.
පහසුවෙන් Project එකේ ඇති ප්‍රධාන කොටස් අතර එහා මෙහා යාමට හා ඒවා පරිහරණය කිරීමට මෙම window එක උදවු වේ.
View --> Project Explore Window යන menu options (තේරීම්) මඟින් Project Explore Window එක display කර ගත හැකිය.



Form Layout Window

clip image006Monitor එකක් වැනි කොටුව තුල පෙන්වන්නේ Form එක සැබෑවටම display වන ස්ථානයයි (position)
Window එක තුල ඇති form එක එහා මෙහා drag කිරීමෙන් Form එක running time එකේදී දර්ෂණය වන ස්ථානය වෙනස් කර ගත හැකිය.
තවද එම window එකේ ඇති form එක මත right click කිරීමෙන් ලැබෙන menu එකේ startup position යටතේද එක running time එකේදී form එක දර්ෂණය වන ස්ථානය වෙනස් කර ගත හැකිය.
View --> Form Layout Window යන menu options (තේරීම්) මඟින් Form Layout Window එක display කර ගත හැකිය.



Form Designing Window (Form)

clip image007
Application එකක අන්තර්ගත වන window එකක් design කිරීමට පහසුකම් ලබා දෙන window එකකි. Form එකක් යනු එලෙස සකස් කරනු ලබන application window එකකි. Form එකක් තුල අනෙකුත් සියළුම tools අන්තර්ගත කල හැක.
Project එකක ඇති මූලිකම object එක ලෙස Form එකක් හැඳින්විය හැකිය. ඉහතින් දැක්වෙන්නේ buttons කිහිපයක් එකතු කර සකසා ඇති Form එකකි. එයට tools එකතු කිරීම හා එයින් tools ඉවත් කිරීම සිදුකල හැක. Tool එකක් එකතු කිරීමට ඉහත toolbox යටතේ සඳහන් කල ක්‍රම වලිනුත් ඉවත් කිරීම අදාල object එක select කර keyboard එකේ delete key එක press කිරීම මගිනුත් සිදුකර ගත හැකිය.
Project එකකට නව Form එකක් එකතු කර ගැනීම
  1. Project --> Add Form menu option ලබා දීමෙන් හෝ standard tool bar එකේ ඇති Add Form මඟින් Add Form dialog එක ලබා ගන්න.
  2. අවශ්‍යය වන්නේ empty form එකක් නම් New tab එක යටතේ Form select කර open button එක click කරන්න


Coding Window


Project එකට අදාල කේත කොටස් ලිවීමට මෙම window එක භාවිතා කරයි. Project එකෙහි ඇති මූලික objects වලට අදාලව වෙන වෙනම coding windows ඇත. Visual Basic වලදී Event handling කේත පමණක් අප විසින් ලිවිය යුතු අතර project එකේ main program එක භාවිතා කරන්නා (User) හට නොපෙන්වයි.
මෙහි ඉහලින්ම ඇති combo boxes (drop down list) දෙකෙන් වම් පස ඇති combo box එකෙන් object එකත් දකුණු පස ඇති combo box එක මඟින් procedure (event) එකත් පෙන්වයි. Window එකේ හරස් දිගු ඉරි මඟින් එවැනි සංයෝජන වලට අදාල කේත වෙන් කරනු ලබයි.
පහත උදාහරණය සළකන්න
Private Sub Command1_Click()

End Sub
 
මෙහි Private යනු ඉහත procedure එක භාවිතා කල හැක්කේ Project එකේ ඇති කුමන objects වලටද යන්න දක්වන්නකි (Access Modifier). Command1 යනු අදාල object එකයි (මෙහිදී එය command button එකකි). Click ‍‍යනු event (procedure) එකයි.
ඒ අනූව මෙම කේත කොටස Command1 හි Click event එකට අදාල කේත කොටසයි. End Sub යනු එම කේත කොටස අවසාන බව දැක්වීමට යොදන keywords යුගළයයි.
ඕනෑම object එකක් මත right click කර view code, menu option එක තේරීම මඟින් හෝ අදාල object එක මත double click කිරීම මඟින් code window එක open කර ගත හැකිය.